Colombo Today Local News

අනුර යාපාගෙන්, සුසිල්ගෙන් රිෂාඩ් බදුර්දීන්ට ප‍්‍රහාරයක් !

ජීවන වියදම් කමිටුව මගින් ගන්නා තීරණ ජීවන වියදමට සෘජුව බලපෑම් කරන අභ්‍යන්තර වෙළෙද අමාත්‍යාංශය මගින් කි‍්‍රයාත්මක නොකරන බවත්, ඒ සම්බන්ධයෙන් එම අමාත්‍යාංශය භාර ඇමැති රිෂාඞ් බදුර්දීන් වගකිව යුතු බවත් පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඇමැතිවරුන් පිරිසක් අවධාරණය කර ඇත.

අනුර යාපා සහ සුසිල් පේ‍්‍රමජයන්ත යන ඇමැතිවරුන් මෙසේ කැබිනට් රැස්වීමේදී දැඩිව ප‍්‍රශ්න කර ඇත්තේ එම නිසා ජනතාව දැඩි අසීරුතාවකට පත් වී ඇති බව පෙන්වා දෙමින් ය. ජනතාවට ජීවන බර දැරිය නොහැකි තරම් ඉහළ ගොස් ඇති බවත්, මේ තත්ත්වය දිගටම පැවතුණහොත් ආණ්ඩුව බරපතළ අසීරුතාවකට පත්වන බවත් පෙන්වා ඇති අදාළ ඇමැතිවරුන් දෙදෙනා, ජීවන වියදම් කමිටුව ද මීට වඩා මේ ගැටලූවට මැදිහත් විය යුතු බව අවධාරණය කර තිබේ.

ජීවන වියදම් කමිටුව අනවශ්‍ය නම් විසුරුවා හැර දැමිය යුතු බව ද ඇතැම් ඇමැතිවරුන් මෙහිදී පවසා තිබේ. එහෙත් ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ ජීවන වියදම් කමිටුව අහෝසි කිරීමට කලබල විය යුතු නැති බවත්, ඉදිරියේදී මීට වඩා සක‍්‍රීය මැදිහත්මක් කළ යුතු බවත් ය.

අදාළ චෝදනාවලට පිළිතුරු දෙමින් අභ්‍යන්තර වෙළෙ`ද ඇමැති රිෂාඞ් බදුර්දීන් සදහන් කර ඇත්තේ තමන්ට තනිව මේ ගැටලූ විසදිය නොහැකි බවත්, සාමූහිකව එය කළ යුතු බවත් ය.

කෙසේ වෙතත් මීට පෙර ද සහල් මිල සීග‍්‍රයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡුාවකදී රිෂාඞ් බදුර්දීන් ඇමැතිවරයා පවසා තිබුණේ තමන්ට තනිව මේවා කළ නොහැකි බවයි. එසේම මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් ජනාධිපතිවරයාට පැවසූ සියලූ කරුණු තමන්ට ඉටු කළ හැකි බව ද පසුව පවසා තිබිණි. එහිදී ජනාධිපතිවරයා විමසා තිබුණේ තමන්ට කළ හැකි නම්, අමාත්‍යංශයක් තිබියදී තමන්ගේ වේලාව නාස්ති කරන්නේ ඇයිද යනුවෙනි.

සත්හඩ

Related posts

පළාත් පාලන මැතිවරණ පනතේ දුර්වලතා ඉවත් කරන්න – මැතිවරණ කොමිසම විෂය භාර අමාත්‍යාංශයට දැනුම් දෙයි

colombotoday

කල්මුණේ වෙනම මුස්ලිම් දිස්ත්‍රික්කයක් ඕන.. සිංහල නිලධාරීන් එපා – මුස්ලිම් කොංග්‍රසයෙන් නැවතත් බෙදුම්වාදී ඉල්ලීම්

colombotoday

“යුධ අපරාධ හොයන්න විදෙස් සහය.. විදේශ විනිසුරන් ගෙන්වීමටත් සලකා බලනවා” – මංගල

colombotoday

ඉඩම්, පොලිස්, මුදල් බලතල පළාත්සභාවලට දුන්නොත් ආණ්ඩුවේ අවසානය එයයි – අධිනීතීඥ ගෝමින් දයාසිරි

colombotoday

ආයුර්වේද වෛද්‍යවරියක් ගෙල කපා ඝාතනය කරලා

Admin

හම්බන්තොටින් නාමල් පෙරමුණේ

colombotoday