Colombo Today Local News

මහ ඇමතිවරු තිදෙනෙක් ආණ්ඩුවේ වාහන 132ක් ගල් කරති !

මේ මස 2 වෙනිදා වනවිට සම්පූර්ණයෙන්ම විසුරුවා හැර ඇති පලාත් සභා තුනේ හිටපු මහ ඇමතිවරුන් විසින් මෙතෙක් ආණ්ඩුවට භාර නොදි වාහන 132 ක් තමන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා පාවිච්චි කරමින් සිටින බවට චෝදනා එල්ල වෙයි.

උතුරු මැද මහ ඇමති පේෂල ජයරත්න වාහන 48ක්ද, සබරගමු මහ ඇමති මහීපාල හේරත් වාහන 46ක් ද, නැගෙනහිර මහ ඇමති නසීර් අහමඩ් වාහන 38 ක්ද වශයෙන් නැවත බාර දී නැති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා පල වෙයි.
ආණ්ඩුවේ හෝ පලාත් සභාවේ කිසිම තනතුරක් නොදරන මෙම පුද්ගලයින් රජයේ පොදු දේපල අවභාවිතයේ යෙදෙවීමක යෙදී සිටින බවත් පොදු දේපල පනත මත මොවුන් ඕනම අවස්ථාවක අත් අඩංගුවට ගෙන ඇප නොදි රිමාන්ඩ් භාරයේ තබා ගත හැකි බැව් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් පවසති.

ඒ අනුව ඉදිරියේදී අදාළ අංශ වෙත පැමිණිලි කිරීමට මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් බලාපොරොත්තු බව ආරංචි මාර්ග සඳහන් කරයි.

 

Related posts

ශ්‍රී ලංකාව අවදානම් රටක් ලෙස නම් කිටිමට හොංකොං රාජ්‍යය පියවර ගනී

colombotoday

ජගත් මනුවර්ණ විපක්ෂ නායක ඝා-තනය කරන්න හදලා

Admin

කොළඹ අවන්හලක පිපිරීමක්

colombotoday

ඉස්ලාම් අන්තවාදීන් ඉන්දුනීසියාවේ පන්සල් 6ක් ගිනිතබා වනසයි !

colombotoday

ඩිපෝ කිහිපයක ලංගම බස් වර්ජනයක්

Admin

මත්තලට එන ගුවන් යානා වලින් වසර දෙකක් යනකන් ගාස්තු අය නොකරයි

colombotoday