කථානායක කරු ජයසූරිය ප්රමුඛ ශ්රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයෝ පිරිසක් ඊයේ (28) වොෂින්ටන්හි විවිධ පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු නියෝජිත සැසියට සහභාගි විය.
එහිදී එක්සත් ජනපදයේ කථානායක පෝල් රයන් හමු වීමට කථානායකවරයා ඇතුළු මන්ත්රී පිරිසට හැකි විය.
ප්රවාහනය ඇමති නිමල් සිරිපාල ද සිල්වා, රාජ්ය ඇමති පාලිත රංගේබණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ පා. ම. විජිත හේරත්, පා. ම. කුමාර වෙල්ගම, පා. ම. එම්. ඒ. සුමන්තිරන්, පා. ම. මහලේකම් නීල් ඉද්දවල, විදේශ කටයුතු ලේකම් ප්රසාද් කාරියවසම්, ශ්රී ලංකාවේ එක්සත් ජනපද තානාපති අතුල් කේෂාප් මෙම සංචාරයට සහභාගී වී සිටිති.