Gossip

“නියමිත වයසේදී ත්‍රීපෝෂ දුන්නානම් මේ තත්ත්වය වෙනස් වෙන්න තිබ්බා” – ඉරාජ්ගේ තාත්තාට ලිපියක් !

ඉරාජ් වීරරත්න විසින් සිදු කළ නවතම වීඩියෝවට මේ වන විට සමාජ මාධ්‍යවල පමණක් නොව, අන්තර්ජාලය පුරාවටම බොහෝ විවේචන එල්ල වෙමින් පවතිනවා.2016 වර්ෂයේදී මේ ඉරාජ්ගේ “ගිණියම් රෑ” මියුසික් වීඩියෝව නිකුත් කල අවස්ථාවේ ඔහු විසින් එම ගීතය, දෙවන ඉණිම කතාවේ නිර්මාණකරු සමන් එදිරිමුණිටද යවා ඇති අතර, එවිට එම ගීතය බැලු ඔහු විසින් එම ගායකයාගේ පියාට ලියු ලිපියක් මේ දවස් වල බුකියේ නැවත උඩට පැමිණ තිබෙනවා. මේ ඔහු විසින් එදා තැබූ ඒ සටහනයි.

ගරු ප්‍රීතිරාජ් වීරරත්න මහතා වෙත,

මහත්මයාණෙනි, ඔබගේ ආදරණීය සුරතල් පුතනුවන් විසින් නිර්මාණය කරන්නට යෙදුණු නව ගීතයට වීඩියෝවක් ඔහු විසින්ම මට පුද්ගලිකව එවා තිබිණ. එය සහ ඔහුගේ මෑත කාලීන නිර්මාණ දෙස බැලූ විට ඒ පිළිබඳව ඇමතිය යුත්තේ ඉරාජ් ට නොව ඔහුගේ දෙමව්පියන්ට යැයි මට සිතින. ඒ නිසා මේ ලිපිය කොහේ හෝ සිට ඔබ කියවන්න යැයි මම යෝජනා කරමි. ඉරාජ් වීරරත්න තරුණ සංගීතවේදීයාගේ පියාණන් වන ප්‍රීතිරාජ් වීරරත්න ගේ මිතුරෙකු හෝ මෙය දුටුව හොත් කරුණාකර ඔහු වෙත යොමු කරන්න.

ඉතින් ගරු ප්‍රීතිරාජ් වීරරත්න මහතානෙණි,දන්නා තරමින් රනිඳු ලංකාගේ නැමැති තරුණ සංගීතවේදීයා සමග ක්ෂේත්‍රයට අවතීරණ වන ඔබගේ සුරතල් දරුවා යම් සාධනීය ගති ලක්ෂණ ඇති නිර්මාණ කිහිපයක් කරනු අපි මුල් කාලයේදී දුටුවෙමු. එහෙත් ඒ කාලයේ පටන් කිසිඳු අදාලත්වයක් නැතිව ඔහු ඒ නිර්මාණ වල විඩියෝවට රිංගන එකනං අපට තරමක් අමුතුවට පෙනින. එවැනි මැදිහත් වීම් සිදුවීමට බලපාන හේතු කිහිපයක් ඇත. මොන්ටිසෝරි යන කාලයේදී වාර්ෂික විවිධ ප්‍රසංග වලට දරුවාව ඉදිරිපත් නොකල විට පසු කාලීනව මෙවැනි තත්වයන් උදාවේ.

පාසැලේදී පංතියේදී හෝ ඔහු ළමා කාලයේදී ජීවත් වූ වටපිටාව තුලදී කිසිවෙක් ඔහුව ගණන් නොගත් විට හට ගන්නා මානසික හීනමානය තුලින් පසුකාලීනව මෙවැනි දරුවන් බිහි වේ. මාධ්‍යකරුවන් ලෙස අප ඇතැම් විට මේවා ගැන කතා කරන්නේ මාධ්‍ය හරහා මොහුගේ මැදිහත් වීම මත එය අපේ සමාජයට බලපෑම් එල්ල විය හැකියැයි සිතෙනා බැවිනි. ඒ එක් අවස්තාවකදී මිතුරෙකු මට කියා සිටියේ ඔබගේ දරුවාගේ පූර්ව ළමාවිය සංවර්ධනය නිසි පරිදි සිදු වී නොමැති බවයි. නියමිත වයසේදී ත්‍රීපෝෂ ලබා දුන්නානම් ඇතැම්විට මේ තත්වය වෙනස් වන්නට ඉඩ තිබිණි යැයි මට සිතෙයි. කෙසේ වෙතත් එය අතීතයේදී කරන්නට තිබූ දෙයක් නිසාත් දැන් ඒ ගැන කතා කර වැඩක් නැත.

අපි දැන් ඔහු විසින් කරන ලද ගිනියම් රෑ කියන ගීතයේ වීඩියෝව වෙත හැරෙමු. එය ඔබත් ඔබේ දරුවාගේ මවත් සමග එකට වාඩි වී නරඹන ලෙස මම ඔබට යෝජනා කරමි. දරුවන්ගේ දක්ෂතා නැරඹීමට කොයි අම්මා අප්පාත් කැමති බව මම දනිමි. ඉතින් දෙදෙනාම එකට වාඩි වී හැකි නම් ඉරාජ් ගේ නැගණියද සහභාගී කරවාගෙන මෙය නරඹන ලෙස මම යෝජනා කරමි. ඉන් පසු මම ඔබෙන් ප්‍රශ්ණයක් අසමි. එනම්, ලාංකීය පවුලක අම්මා, තාත්තා, ආච්චී, සීයා, තරුණ පුතා දුව හෝ ළමා පුතා දුව යන අයගෙන් මේ ගීතය බලන්න යැයි ඔබ යෝජනා කරන්නේ කාටද.මෙම ගීතයේ රූප රාමු වලින් ඉඟි කරන්නේ ගැහැණු සමලිංගිකත්වය පිළිබඳ කාරණාවකටය. ඒ කියන්නේ ගෑණු ගෑණු ලිංගිකව හැසිරෙන එකටය. ගැහැණු සමලිංගිකත්වය පිළිබඳව හෝ පිරිමි සමලිංගිකත්වය පිළිබදව ඔබේත් ඔබගේ බිරිඳගේත් අදහස් දැනගන්නට අපි කැමැත්තෙන් සිටිමු. ආහ් අමතක වුණා. ඔබගේ දියණියගේ අදහසද අපට ඉතා වැදගත් වන්නේ ඇය තරුණියක වීම නිසාමය.

මෙය ඔබ පුතණුවන්ගේ වීර ක්‍රියාවක් ලෙස දකින්නට ඇතැම් විට ඔබ පෙළඹෙනු ඇතැයි සිතෙන්නේ ඔබේ පුතා මේ පිළිබදව මා හට එවා ඇති පණිවිඩ නිසාය. ඔහු විසින් එවා ඇති පණිවිඩ විසින් මට කියා පාන්නේ මෙවන් වීඩියෝ කිරීමෙන්, You Tube වැනි ජාලයන්ගේ නරඹන්නන් වැඩි වූ තරමට ඔහුට මුදල් ලැබෙනා බවයි. මිලියන පනහක් ප්‍රේක්ෂකයින් වීඩියෝවක් බලා ඇති බවටත් ඉන් පසු සල්ලි මලු ලැබුණු බවටත් දැක්වෙන පණිවිඩ ඔහු මා වෙත එවා ඇත. එය එසේ නම් ඔහුට ඔහුගේ ප්‍රශ්ණ විසඳා ගන්නට මුදල් ටිකක් ලබා දෙන මෙන් ඔබතුමාට දන්වා සිටින්නට කැමැත්තෙමි. මන්දයත් මුදල් හෙවීම වෙනුවෙන් සමාජයක් නොමග යැවීමටත් රටේ නම ලෝකය ඉදිරියේ කැත කිරීමටත් ඉඩ දීමට බොහෝ දෙනා අකමැති නිසාය. ඉතින් ඔහු මුදල් හොයන්නට තෝරාගෙන ඇත්තේ රටේ නම කැත කිරීම නම් අපි සියල්ලෝම එකතු වී රුපියල ගානේ එකතු කොට ඔබේ පුතා වෙනුවෙන් පරිත්‍යාගයක් කිරීමටද උදව් විය හැකිය. යාචකයින්ට, නැති බැරි පුද්ගලයන්ට සහ අසරණයින්ට ආධාර උපකාර කිරීමේ පුරුද්ද ලාංකිකයන් සතු ඉතා යහපත් ගුණාංගයකි.

ඔහු විසින් කර ඇති අවසන් වීඩියෝ පට දෙක දෙසත් ඔහු ආශ්‍රය කරන මිතුරන් දෙසත් බුද්ධිමත්ව සාවධානව බැලීමෙන් මට පෙනී ගියේ ඔහුට තව දුරටත් කරන්නට ඉතිරිව ඇත්තේ අම්මලා පුතාලා හෝ තාත්තලා දූලා අතර ලිංගික සම්බන්ධතා ගැන කතා කරන වීඩියෝවක් කිරීමට පමණි. මෙම ලිපියේ මූලිකම අරමුණ ඔබගේ නොදරුවා ඒ අවමානයෙන් ගලවා ගැනීමට ඔබට උදව් කිරීමය. එබැවින් මේ ගැන සලකා බලන්න. හදාගන්නම බැරි තැන දෙමව්පියන් ඇමතීම සාමාන්‍ය ක්‍රමයක් බැවින් ඔබ ඇමතීමට කල්පනා කල අතර වෙන අය තැන් තැන් වල ඔබව අමතන්නේ මෙතරම් සංයමයකින් නොවන බවද අවසන් වශයෙන් කියන්නට කැමතිය.

– ස්තුතියි ජනමාධ්‍යවේදී සමන් එදිරිමුණී.

Related posts

බුදුරුවට නිගා වන ඇඳුම් ඇඳ සිටි ‘හිරි පොද වැස්ස‘ චිත්‍රපටයේ නිළිය අත්අඩංගුවට ගනී !

colombotoday

මහින්දානන්දට යළිත් මංගල සීනු හැඩවෙයි.. !!

colombotoday

ලස්සන ශනුද්‍රිට මොකද මේ එකපාර වුණේ…?

colombotoday

Video – ෆේස්බුක්, ස්කයිප්, දත්ත අසභ්‍ය වෙබ් අඩවිවලට. චැට් කරන්නෙ බලාගෙනයි.

colombotoday

‘අබ්දුල් රාසික්‘ නිසා මුස්ලිම් කවුන්සිලය ඉරාජ්ට එරෙහිව අවි ඔසවයි !!

colombotoday

නිල් චිත්‍රපට තරුව මියා කලීෆා විවාහ ගිවිස ගනී

colombotoday