Colombo Today Local News

2018 රජයේ සමස්ථ වියදම බිලියන 3982 යි.. අපේක්ෂිත ආදායම බිලියන 2175 යි

2018 මුදල් වර්ෂය සඳහා රජයේ වියදම රුපියල් බිලියන 3982ක් වන අතර එම වර්ශයේ අපේක්ෂිත රාජ්‍ය ආදායම හා ප්‍රදානයන්හි එකතුව රුපියල් බිලියන 2175කි.

රජයේ සමස්ත වියදමින් රාජ්‍ය ණය ආපසු ගෙවීම, වැන්දඹු හා අනත්දරු අරමුදල සඳහා වූ දායක මුදල් වැනි දැනටමත් පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනත් යටතේ දැරීමට නියමිත වියදම රුපියල් බිලියන 2,005.1 ක් වන බැවින් එම වියදම හැර එම සමස්ත වියදමෙන් රුපියල් බිලියන1,977 ක වියදම් දැරීම සඳහා යෝජිත විසර්ජන පනත් කෙටුම්පත මගින් බලය ලබා ගත යුතු වේ.

එයින් 2018 වර්ෂයේ රජයේ පුනරාවර්තන වියදම් රුපියල් බිලියන 1,308.9 ක් ලෙසත්, ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 668 ක් ලෙසත් ඇස්තමේන්තු ගත කර තිබේ.

Related posts

අපි ගෙනාපු පාස්පෝර්ට් ටික මේ අයට බෙදාගන්න බෑ

Admin

ඇල්ලේවල දිය ඇල්ල දෙස් විදෙස් සංචාරකයින්ට තහනම්

colombotoday

ශ්‍රී ලංකා ජාතික ධජය සහිත පාපිස්නා වෙළෙඳ දැන්වීම amazon වෙඩි අඩවියෙන් ඉවතට

colombotoday

අධිකරණයට අපහස කිරීම ගැන විග්නේශ්වරන් අධිකරණය හමුවට

colombotoday

පොලීසියට අලුත් මැෂිමක්. අසභ්‍ය දර්ශන Upload කල සැනින් ඇලට් එකක් යයි. පුද්ගලයින් 17629ක් සොයා විමර්ශන

colombotoday

ඉම්රාන් ඛාන්ගේ නැවත අලුත් වූ සිර දඩුවම

Admin