අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයාගේ නියෝගය නිවේදනය කරන ගැසට් නිවේදනය ප්රකාශයට පත්කර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ සඳහා ඊයේ (12) දින ජනාධිපතිවරයාගෙන් අනුමැතිය ලැබී අතර ඒ අනුව මෙම කාර්යාලය මේ මස 15 වැනි දා සිට ක්රියාත්මක වනු ඇත.
මෙම කාර්යාලයට අතුරුදන් වු පුද්ගලයන්ගේ ඥාතීන්ට හෝ වෙනත් ඕනෑම අයකුට මෙන්ම ආයතනවලටද පැමිණිලි කිරිමේ හැකියාව පවතී.