Colombo Today Local News

ලංකාව ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමේ ආසියානු කේන්ද්‍රස්ථානය වෙලා – රොයිටර් ලෝකෙටම කියයි

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර කොකේන් ජාවාරමේ ආසියානු කේන්ද්‍රය බවට පත්වෙමින් ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තාවක් ගොනුකරමින් පෙන්වා දෙයි.

විශේෂයෙන් බ්‍රසීලයේ සිට ගෙන ආ සීනි තොග සමග විශාල වශයෙන් කොකේන් තොග හමුවීම එය සනාථ කිරීමේ සාක්ෂියක් ලෙසයි සැලකෙන්නේ.

පසුගිය මාස 14 ක කාලය තුළ දකුණු ඇමරිකාවේ සිට රැගෙන ආ කොකේන් හය වතාවකදී සොයා ගැනීමට මෙරට රේගු සහ ආරක්ෂක අංශ සමත් වූ අතර, පසුගිය දෙසැම්බරයේදී සොයා ගැණුනු කිලෝග්‍රෑම් 928 ක ආසියාවේ විශාලතම කොකේන් තොගය ද ඊට ඇතුළත්.

පසුගිය කාලය තුළ ඩොලර් මිලියන 140 ක් වටිනා කොකේන් කිලෝග්‍රෑම් 1770 ක් මෙරට දී අත්අඩංගුවට ගැණුනු අතර, ඉන් කිලෝග්‍රෑම් 840 ක් හමුවූයේ බ්‍රසීලයෙන් ආනයනය කළ සීනි සමගයි. නෞකා මාර්ගයෙන් රැගෙන එන කොකේන් තොග මුහුදේ සිට කුඩා බෝට්ටු මගින් ගොඩබිමට රැගෙන එනු ලබනවා.

එමෙන්ම, එම කොකේන් නැවතත් කුඩා බෝට්ටු මගින් නෞකා වෙත රැගෙන යන අතර, ඒ සදහා ධීවර බෝට්ටු යොදා ගන්නා බවට තොරතුරු ලැබී ඇති බව රේගු ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළා.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය සහ අපරාධ වැලැක්වීමේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ මෙරට වැඩසටහන් සම්බන්ධීකාරකවරයා කියා සිටියේ මෙම කොකේන් තොග මෙරට පරිහරණය සදහා රැගෙන එන ඒවා නොවන බවයි. ශ්‍රී ලංකාව ඒ සදහා හුවාමරු පොලක් පමණක් බවත් ඔහු අවධාරණය කළා.

රොයිටර් වාර්තාව

Related posts

ඇමතිකම් ගත් සියල්ලන් නිදහස් පක්‍ෂයේ තනතුරුවලින් නෙරපයි

colombotoday

අවිවාහක තරුණයන්ට රජයෙන් තෑග්ගක්…

colombotoday

වතුර බෝතලය බෙදා ගත් පොලිස් නිලධාරියාට සහ සිවිල් ආරක්ෂක නිලධාරිනියට නඩු පැවරේ

colombotoday

අට වෙනිදා පාර්ලිමේන්තුවේ පෙරළියක්…

colombotoday

අද රාත්‍රී 11 සිට සඳුදා අලුයම 4 තෙක් කඩ සාප්පු විවෘත කිරීමට අවසර නෑ

colombotoday

වෛද්‍ය සාෆි ගැන අලුත් පරීක්ෂණයක් – CIDය අධිකරණයට දන්වයි

colombotoday