Colombo Today Local News

ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගේ ඉල්ලීමකට ජනපති පිටුපායි !

විජේදාස රාජපක්ෂ මහතා ඉවත් කිරීමෙන් හිස් වූ බුද්ධ ශාසන අමාත්‍ය ධූරයේ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය.

බුද්ධ ශාසන කටයුතු පිළිබද අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතේ තබා ගන්නැයි ඊයේ (24) පැවති සාකච්ඡාවකින් අනතුරුව ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් රජයට දැඩි ලෙස අවධාරණය කර ඇති අතර, එම ඉල්ලීම නොසලකා හරිමින් අගමැතිවරයාගේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් නව පත්වීම සිදුකර ඇත.

බුද්ධාගම සුරක්ෂිත කිරීම සුළුපටු කාර්යයක් නොවන බවත්, විජයදාස රාජපක්ෂ මහතා මේතාක් එම කාර්යභායට උසස් ලෙස මැනවින් ඉටුකිරීමට උත්සහා ගත් බවත්, ඔහු ඉවත් කිරීමෙන් අනතුරුව ඒ සදහා වඩාත්ම සුදුසු පුද්ගලයා ජනාධිපතිවරයා පමණක් බවද මහානාහිමිවරුන්ගේ අදහස වී තිබේ.

විජේදාස රාජපක්ෂ මහතා අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ධුරයෙන් ඉවත් නොකරන ලෙසද ත්‍රෛනිකායික කරක සංඝ සභාවල නාහිමිවරුන් මීට පෙර ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.

කෙසේ වෙතත් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ ඉල්ලීම් හා උපදෙස් නොසලකා හරිමින් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව දිගින් දිගටම කටයුතු කිරීම හේතුවෙන් මහානාහිමිවරුන් ඇතුළු සංඝ මූලස්ථානවල නායක හිමිවරුන් දැඩි කළකිරීමෙන් පසුවන බවද ආරංචි මාර්ග සදහන් කරයි.

Related posts

ජනපති 13 ගැන යෝජනා 15ට පෙර ඉල්ලයි

Admin

ලංකාවේ සියලු මාර්ග නාම පුවරු සිංහල දමිළ හා ඉංග්‍රීසි නම්වලින් පමණයි

colombotoday

අයහපත පලවා හැර යහපත කැන්දන, හින්දු බැතිමතුන් අඳුරින් ආලෝකයට පැමිණීම සමරන දීපාවලි උත්සවය අදයි

colombotoday

පානදුර පාරක මළ සිරුරක්

colombotoday

කොරෝනා වැළදෙයි බියෙන් මවක් ගිනි තියාගෙන

colombotoday

පළාත් පාලන මැතිවරණය ගැන තේරිම් බාර නිලධාරීන්ගෙන් ගැසට්ටුවක්

Admin