Colombo Today Local News

මංගලගේ ලේකම් කුඩුත් එක්ක ඇල්ලූ STF ප්‍රධානියා තනතුරෙන් ඉවතට ?

පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාව වහාම එම තනතුරෙන් ඉවත් කිරීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර ඇතැයි වාර්තා වනවා.

මෙම පත්වීම නීති විරෝධී බවත්, මෙම තනතුරට පත් කළ හැක්කේ නියෝජ්‍ය ‍පොලිස්පති තනතුර හොබවන නිලධාරියකු බවත් පෙන්වා දෙමින් ‍පොලිස් කොමිසම ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා එම තනතුරින් ඉවත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කර තිබේ. එම්.ආර්. ලතීෆ් මහතා 2016 අගෝස්තු 04 දා මෙම තනතුරට පත් කරනු ලැබුවේ ද ජාතික ‍පොලිස් කොමිසමේ නිර්දේශ මතය.

පසුගිය ජූලි 6 වනදා මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයෙකු වන සමීර මනහර නමැත්තා හා තවත් පුද්ගලයන් තිදෙනෙකු මෝටර් රථයකින් නීතිවිරෝධී මත්කුඩු තොගයක් ගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත්තේද ජ්‍යෙෂ්ඨ පොලිස්පති ලතීෆ් මහතාගේ අණ පරිදි විශේෂ කාර්ය බළකා මූලස්ථාන මෙහෙයුම් අංශය මගිනි. ඇමති ලේකම්වරයා අත්අඩංගුවට ගත් අවස්ථාවේම වහා නිදහස් කරන්නැයි ඉහළින් ආ බලපෑම් නොතකා ඔහුව අත්අඩංගුවේ තබා ගැනීමට ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයා කටයුතු කර තිබෙන අතර පසුව සැකකරුවන් ගල්කිස්ස පොලීසිය වෙත බාර දී තිබිණි.

ලතීෆ් මහතා විශේෂ කාර්යබළකා සේනාවිධායක තනතුරෙන් ඉවත් කිරීමට යෝජනා වීමට මෙම සිද්ධියද දැඩිලෙස බලපා තිබෙද බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

එමෙන්ම ඔහු එම තනතුරට පත්වීමත් සමග ඇතැම් දූෂිත නිලධාරීන් ඉවත්කර විශේෂ කාර්ය බළකාය නිසි මගට ගෙන ඒමට කටයුතු කළ නිලධාරියෙකු යැයි කියවෙන අතර, පොලිස් කොමිසමේ ඇතැම් නිලධාරීන්ට නීති විරෝධී ආකාරයට ලබා දී තිබූ විශේෂ කාර්ය බළකා ආරක්ෂකයන්, රියැදුරන් හා සෙබළුන් යළි මූලස්ථානයට කැඳවීමත්, නීත්‍යනුකූල නොවන කිසිදු දෙයකට විශේෂ කාර්ය බළකා භට පිරිස් යොමු නොකිරීමටත් ක්‍රියාකිරීම නිසා ඔහුට දැඩි විරෝධයක් එල්ල වී තිබුණු බවද ආරංචි මාර්ග පවසයි.

 

Related posts

“ස්වයංපාලනය දෙනු.. නැතිනම් උතුරේ අය ආයුධ අතට ගනී.. මරාගෙන මැරෙයි“ වික්‍රමබාහු

colombotoday

අලුත් ව්‍යවස්ථාවක් එපා.. රණවිරුවන්ට දඩුවම් කරන පනතත් එපා ! ත්‍රෛනිකායික මහානාහිමිවරු ඒකමතිකව තීරණය කරති

colombotoday

පාරිභෝගික අධිකාරියේ සභාපති දූෂණ වහගන්න පාරිභෝගික සමිති දඩයමේ !

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් වන්දි වංචාව ජනතා අවධානය වෙනතකට යොමු කරන්න ගෙතූ සුරංගනා කථාවක්ද?

Admin

අද මැදියම් රැයේ සිට බස් දුම්රිය ගමන් අඩපනයි

colombotoday

මහින්ද – නාමල්, සම්බන්ධන්ගේ සුව දුක් විමසති !

colombotoday