Colombo Today Local News

“වියදම් ගැන මම බලාගන්නම්.. අපි මේක කරමු බොස්” – ඇලෝසියස්ගේ ගිණුමෙන් මකා දැමුණු පණිවුඩයක් හමුවෙයි

පර්පෙචුල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ගේ ඇපල් ගිණුමේ තිබූ කෙටි පණිවිඩ කිහිපයක් යළි සොයාගෙන අද (3) නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය

එහි ස්ටීව් සැමුවෙල් නම් පුද්ගලයෙකුට අර්ජුන් ඇලෝසියස් විසින් යවා පසුව මකාදැමූ පණිවුඩයක්ද විය.

‘‘අද සාමජ ජාල කියන්නේ බලවත් අවියක්..අපට ගොසිප් වෙබ් තීරුවක් ආරම්භ කිරීමට ඉඩ දෙන්න..අගමැතිතුමාටයි රවි ඇමතිතුමාටයි අපිට හොඳ සහයක් ලබාදෙන්න පුලුවනි..මම මාස දෙකකට වියදම් ගැන බලාගන්නම්..මිලියන 3 – 5ක් විතර යයි..අපි මේක කරමු බොස්‘‘ යනුවෙන් එහි සඳහන් විය.

මේ එම පණිවුඩයයි..

මේ අතර බැඳුම්කර කොමිසම භාරයේ ඇති ජංගම දුරකතනයේ දත්ත වෙනස් කිරීම හෝ මකාදැමීම වළක්වමින් අර්ජුන් ඇලෝසියස් මහතාට බැඳුම්කර විමර්ශන කරන ජනාධිපති කොමිසම විසින් මීට සුලු මොහොතකට පෙර නියෝගයක් නිකුත් කරනු ලැබීය.

මීට පෙර කොමිසම හමුවේ අනාවරණ වී ඇත්තේ, ඇලෝසියස් මහතා සිය බිරිඳගේ ජංගම දුරකතනය මගින් ඔහුගේ ඇපල් ගිණුමට ඇතුල්වීමට උත්සාහ කර ඇති බව ය.

මේ අතර පර්පෙචුවල් ට්‍රෙසරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන මහතාගේ ජංගම දුරකතනය සහ ලැප්ටොප් පරිගණකය කොමිසමේ ලේකම්වරයාට භාර දෙන ලෙසට අද නියෝගයක් නිකුත් කෙරිණි.

අර්ජුන් ඇලෝසියස් ගේ ඇපල් ගිණුමේ තිබූ තවත් කෙටි පණිවුඩ කිහිපයක් පහතින්

 

Related posts

සෞඛ්‍ය ඇමතිත් නොදන්නා ලංකාවේ පිළිකා එන්නතක මිල

colombotoday

කොළඹ විශ්ව විද්‍යාලයට නව උප කුලපතිවරයෙක්

colombotoday

ඡන්ද ප්‍රතිපල වැරදියි.. පරිපූරක ඇස්තමේන්තුවට නැවතත් ඡන්දයක්

colombotoday

ජනපතිධූර අපේක්ෂකයන් වැඩිවීමෙන් කෝටි 100 ක අමතර වියදමක්

colombotoday

චන්ද්‍රිකාත් ඉල්ලා අස්වෙයි !

colombotoday

ඔමික්‍රෝන් ප්‍රභේදය සුළු කොට තකන්න එපා.. WHO අනතුරු අඟවයි

colombotoday