Colombo Today Local News

වර්ජනය කරන තෙල් සේවකයන්ගේ වැඩ තහනම්.. ඉන්ධන බලපත්‍රයත් අහෝසියි..!

සියළුම ඉන්ධන සැපයුම් හා බෙදාහැරීම් අත්‍යවශ්‍ය මහජන සේවයක් බවට පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගැසට් නිවේදනය නිකුත් කර තිබීම නිසා අද (26) සේවයට වාර්තා නොකරන සේවකයන් සේවය අතහැර ගියා සේ සැලකීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම අත්‍යවශ්‍ය මහජන සේවා ගැසට් නිවේදනය නිසා ඉන්ධන බෙදා හැරීමට නොපැමිණෙන බවුසර්වල තෙල් බෙදාහැරීමේ බලපත්‍ර ද අහෝසි කිරීමේ හැකියාව පවතින බවයි පැවසෙන්නේ. ත්‍රිවිධ හමුදාව අද අළුයම කොලොන්නාව ඉන්ධන නිමාව සිය භාරයට ගත් අතර, පළවෙනි ඉන්ධන බවුසරය අද පෙරවරු දහය පමණ වන විට ලබා දිය හැකි බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිෙග්ඩියර් රොෂාන් සෙනවිරත්න සදහන් කරයි. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තෙල් සේවකයෝ දින දෙකක් පුරා අඛණ්ඩව වර්ජනයේ නිරතව සිටී.  

Related posts

විශේෂ කාණ්ඩ කිහිපයකට ඉන්ධන කෝටාව වැඩිකරන්න යයි

colombotoday

5G සංඛ්‍යාත වෙන්දේසියක් මඟින් අලෙවි කිරීමට යෝජනා

colombotoday

විදේශ ඇමති අද මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිය අමතයි

colombotoday

රජීව් ගාන්ධි ඝාතන සැකකරු ජීවිතකශයට

Admin

DIG සහ කලාකරු දෙපුතුන්ගේ ගංජා ඇල්ලූ OIC ට දඩුවම් මාරුවක්

colombotoday

ආචාර්ය උපාධිය ගැන කතානායකගේ ප්‍රතිචාරය

Admin