Colombo Today Local News

‘දෙසැම්බරයේ තීරණයක් ගන්නවා‘.. ජනපති වමට සිග්නල් දමයි !

ශ්‍රීලනිපය තව දුරටත් ජාතික ආණ්ඩුවේ සිටින්නේද, නැද්ද යන්න පිළිබද ලබන දෙසැම්බර් මාසය ආසන්න වනවිට තීරණයක් ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප මැති ඇමතීන්ට පවසා ඇතැයි වාර්තා පලවෙයි.

ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පෙරේදා (12) ජනාධිපති නිල නිවසේදී පැවති සාකච්ඡාවකදීය.

මාස පහක කාලයක් ඇතුළතදී තීරණයක් ගැනීමට පක්ෂයේ මැති ඇමතිවරුන් සියලු දෙනාගේ සහාය අවශ්‍ය බවත් ඒ මහතා පවසා තිබේ. අණ්ඩුවෙන් ඉවත් වන බවටත්, මැතිඇමතිවරුන්ට ප්‍රශ්න තිබෙන බවටත් විවිධ ආරංචි පැතිර යන බැවින් තම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නැයි මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී සඳහන් කර තිබෙන අතර, වත්මන් ආණ්ඩුවේ තවදුරටත් රැඳී සිටිනේදැයි ඉක්මනින් තීරණයක් ගත යුතු යැයි මැතිඇමැතිවරුන් කිහිපදෙනෙකු එහිදී පවසා තිබේ.

Related posts

ආණ්ඩුවට පනින බියගුළු වැඩ මම කරන්නේ නෑ

Admin

හරින්ට මනූෂට නිදහසට කරුණු කියන්න සජබ දින 7ක් කල් දෙයි

colombotoday

සමලිංගික ආයතනයක් නීතිගත කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් !!!

colombotoday

මහ බැංකු අධිපතිවරුන්ට අසුභ ආරංචියක්

Admin

විශ්වාසභංගය දිනුවත් පැරදුණත් මේ ආණ්ඩුව ජනතාව ඉදිරියේ පරාදයි – රතන හිමි අගමැතිට එරෙහි වෙයි

colombotoday

අංගොඩ පොලිස් වෙඩි තැබීමක්

colombotoday