30 C
Colombo
6 April 2025
Colombo Today Local News

“තරග දිනන්න බඩ බාධාවක් නොවේ.. බල්ලගෙ වැඩේ බූරුවා කරන්න ගිහින් ක්‍රිකට් විනාශ කරා“ – අර්ජුන

බඩ ලොකුවීම හා ක්‍රිකට් අතර ඇති සම්බන්ධය නැතැයි ඇමති අර්ජුන රණතුංග මහතා අවධාරණය කර සිටියි.

තමනට මෙන්ම දුලිප් මෙන්ඩිස්ටද ලොකු බඩක් තිබූ බවත් එය ලකුණු රැස් කරන්නට හෝ තරග දිනවන්නට බාධාවක් නොවූ බවද ඔහු සදහන් කරයි.

ලෝක කුසලානය ශ්‍රීලංකාවට දිනා දුන් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා සතිඅග ලංකාදීප සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් මෙසේද සඳහන් කර තිබේ.

”මැච් පරදින එක ක්‍රිඩකයින්ගේ දක්ෂතාව අනුව අඩු වැඩි වෙන එක කොයි රටකත් තියෙන ප්‍රශ්නයක්, එවා කළමනාකරණය කරන්න ඕන, තමන්ට අදාළ ජොබ් එක කරලා මිස ක්‍රීඩා ඇමති ක්‍රිඩකයින්ගේ බඩ අඩු කරන්න යාමෙන් නොවෙයි, රවුම් පහක් දුවන්න අමාරු සමහරු දවස් එකහමාරක් බැට් කරනවා.

ෆිට්නස් කියන්නේ වෙන කාරණායක්, වෙනත් ක්‍රිඩාවලට වඩා ක්‍රිකට්වල ෆිට්නස් වෙනස් මේක තේරුම්ගන්න ඕන,

බල්ලගේ වැඩේ බුරුවා කරන්න පටන් ගත්තු නිසා තමයි මෙවා අද පටලාවගෙන තියෙන්නෙ, අද ක්‍රිකට්වලට මේ ඉරණම අත්වන්න ප්‍රධාන හේතු මේකයි. වැරදි පුද්ගලයෝ ක්‍රිකට්වලට රිංගපු එකෙන් ක්‍රිඩාව පල්ලම් බැහලා තියෙන්නෙ….

වෙන රටවල ක්‍රිඩකයෝ තමන්ගේ වැඩේ කරනවා.පාලකයෝ පරිපාලන කරනවා. පුහුණුකරුවේ ක්‍රිඩකයින්ට පුහුණුවීම කරනවා. අනුන්ගේ ජොබ් එක බදාගන්න යන්නෙ නැහැ ඒ අය,

ඒක නිසා මේ වගේ ප්‍රශ්න නැහැ ඒ රටවල්වල, මැච් දිනන පරදින එක ක්‍රිඩකයින්ගේ දක්ෂතා අඩු වැඩි වෙන එක කොයි රටවලත් තියෙන ප්‍රශ්නයක්” බවත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

තවදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා මෙසේද සඳහන් කර තිබේ.

” යහපාලන ආණ්ඩුව යටතේ හොද දේවල් වගේම නරක දේවලුත් සිදු වුනා, ඒ අතරින් ක්‍රිකට් ක්‍රීඩාව එකක්, යහපාලන ආණ්ඩුව යටතේ ක්‍රිකට් ක්‍රිඩාව නම් විනාශ කරනවා කියලා මට කියන්න වෙනවා, මේක සැලසුම් සහගතව සිදුවන දෙයක් ද දන්නේ නැහැ ”

Related posts

කොරෝනා ගැන බොරු ප්‍රචාර සිදුකිරීම වසර 5ක සිර දඬුවම් ලැබිය හැකි වරදක්

colombotoday

රන්ජන්ගේ ඩීල් හඩපට නිසා විනිසුරුවරයෙකුගේ වැඩ තහනම් කරයි !

colombotoday

‘පැහැර ගැනීම සිදුවූ දවසේ මම හිටියේ රාජිතත් එක්ක’ – හිරුණිකා.. ‘මම එදා හිටියේ රට’ – රාජිත

colombotoday

අදත් වායූ දුෂණ මට්ටම් අගය 100 ඉක්මවයි

Admin

ඉන්දීය ගිලන් රථ සේවය හැමදාම නිකං බෑ… ගානක් අය කරගන්න වෙයි – නි. ඇමති හර්ෂ

colombotoday

රජයට ලැබුණු ආදායම් ගිය වසර තුනේදී පිල්ලි ගහලා

colombotoday