Colombo Today Local News

ලසිත් මාලිංගට විනය පරීක්ෂණයක්.. ක්‍රිකට් ආයතනය හදිසි විධායක රැස්වීමක් කැඳවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයෙකු වන ලසිත් මාලිංගට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා පවතින ගිවිසුම් කඩ කරමින් මාධ්‍යයට අදහස් දක්වා මතභේදාත්මක කරුණු ප්‍රකාශ කිරීම ඔහුට එරෙහිව මෙසේ විනය පරීක්ෂණයක් පැවැත්වීමට හේතුව වී තිබේ.

මාලිංග අවස්ථා දෙකකදී එසේ කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා හා නීතිවේදී අසේල රැකව විනය කමිටුව නියෝජනය කරන අතර, එහි සභාපති ලෙස අසේල රැකව මහතා කටයුතු කරයි.

මේ පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් ඉල්ලා අස්වීම, ජාතික කණ්ඩායම සඳහා අතුරු පුහුණුකරුවෙකු පත්කිරීම, 23න් පහළ පළාත් ක්‍රිකට් තරගාවලිය හා සිම්බාබ්වේ කණ්ඩායමෙ ශ්‍රී ලංකා තරග සංචාරය පිළිබඳව සකච්ඡා කිරීම සඳහා අද (27දා) රාත්‍රී 7.00ට විශේෂ විධායක කමිටු රැස්වීමක් කැඳවීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

Related posts

ප්‍රභාකරන් මරා දැමූ 53වැනි සේනාංකය නාරම්මල රිලව් එලවන්න යොදවලා – මේජර් ජෙනරාල් කමල් ගුණරත්න

colombotoday

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය රැකගන්න වෘත්තීය සමිති හයකින් ජනපතිට ලිපියක්

colombotoday

ආදාහනයෙන් පසු අළු භූමිදානය කරන්න පුළුවන්. නව නීතියට වහා යටත් වෙනු. උලමා සභාව මුස්ලිම් ජනතාවට කියයි

colombotoday

ලිංගික අතවර කරමින් ගබ්සා කළ කොස්තාපල්වරයෙක් මාට්ටු

Admin

විදේශ රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකයින් 522කට කොරෝනා

colombotoday

මුඛ ආවරණයේ සැගවා සිටි හෙරොයින්

colombotoday