Colombo Today Local News

‘සයිටම් විරෝධීන්‘ සහ ‘සයිටම්වාදීන්‘ කොළඹදී හැප්පෙන්න යයි.. උසාවියෙන් නියෝගයක් !

සයිටම් විරෝධී සරසවි සිසුන් හා සයිටම් ආයතනයට සහාය දක්වන වෘත්තීය සමිති යන කණ්ඩායම් දෙකක් අද(27) කොළඹ ලිප්ටන් වටරවුමේ පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණ නවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය.

අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂූ බල මණ්ඩල‍යේ කැඳවුම්කරු රත්තනරව්වේ ජිනරතන, අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ උප සභාපති සමීර මධුෂංක සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය යන අයට එරෙහිව අධිකරණය එම තහනම් නියෝග පැනවීය.

එකම ස්ථානයේ එකම වේලාවේ එකිනෙකට විරුද්ධ පාර්ශවයන් දෙකක් උද්ඝෝෂණ පැවැත්වීමට යාමෙන් මහජන සාමය කඩවන ආකාරයෙන් කටයුතු කිරීමට යන බව කියමින් පොලිසිය කළ ඉල්ලීමක් අනුව එම නියෝග නිකුත් කෙරිණි

Related posts

පෞද්ගලික සංචාරයකට අගමැති ඇමරිකාව බලා පිටත්ව යයි..

colombotoday

තවත් කොවිඩ් මරණ 19ක්

colombotoday

කුඩු අල්ලද්දී කුලි වෑන් රියැදුරෙක් හොර සල්ලි එක්ක යුක්තියට කොටු වෙයි

Admin

මොනරුන්ටත් වීසා දෙන්න රංගේ බණ්ඩාර පොටපාදයි

Admin

සමෘද්ධිය අහිමි වූවන්ගේ අභියාචනා හා විරෝධතා ලක්ෂ 5 පනී

Admin

ඥානසාර හිමි කාටත් හොරෙන් ජපානෙට වැඩම කර සමාධි බුදු පිළිම වහන්සේගේ තීන්ත අලේප කරති

colombotoday