Colombo Today Local NewsHot News

සහජීවනය සිරිකොතෙන් දෝරෙ ගලයි.. මුජිබර් රහුමාන් බුද්ධාගමට මහ දවාලේ අපහාස කරයි (Video)

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ‘සුද්දෝධන රජුගේ පුත්‍රයා‘ වගේ යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පසුගිය 20 වැනිදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.

සුද්දෝධන රජතුමාගේ පුත්‍රයාණෝ වනාහී ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේය. බුදුන් වහන්සේට සමකල හැකි උත්තරීතර මිනිසෙකු හෝ දෙවියෙකු මේ මිහිපිට මෙන්ම මුළු විශ්වයේම නොමැති බව බෞද්ධයන් සලකති. පෘථග්ජන පංචස්කන්ධයක් බුදුන් වහන්සේට සම කරමින් මුජිබර් රහ්මාන් කර ඇත්තේ බුදුන් වහන්සේට මෙන්ම බෞද්ධ ජනතාවට කළ හැකි උපරිම නින්දාවයි.

බෞද්ධයන්ගේ සිත් පාරන මෙම ප්‍රකාශය ඔහු කළේ මෙරට ප්‍රධානම දේශපාලන පක්ෂයක මූලස්ථානයේ සිට ප්‍රසිද්ධ මාධ්‍ය අමතමිනි. අල්ලාහ් දෙවියන්ට අපහාස කළේ යැයි පවසමින් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට පොලිස් බළ ඇණියක් හතරක් යොදා ආණ්ඩුව රට තුළ මහ ගාලගෝට්ටියක් ඇති කළේය.

බෞද්ධ ජනතාවගේ හදවතට පහර දෙමින්, බුදුන් වහන්සේටත්, බුද්දාගමට අපහාස කරන මුජිබර් රහුමාන්ට ඒ නීතිය අදාළ නැතිදැයි රජයෙන් විමසිය යුතුය. සංහිදියාව නාමයෙන් සිදු කරන මෙවැනි නොසන්ඩාලකම් බෞද්ධ ජනතාව තව දුරටත් උපෙක්ෂාවෙන් ඉවසා සිටීවිද? නීතිය ක්‍රියාත්මක කරන්නේ මෙම අන්තවාදී ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වන භික්ෂූන්වහන්සේලාට පමණද?

වීඩියෝව පහතින්

[fbvideo link=”https://www.facebook.com/sinhaputhunnew/videos/1474763369228603/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

නව ව්‍යවස්ථාව 2/3 සම්මතකර ජනමත විචාරණයක් කැදවනවා – අගමැති

colombotoday

සහල් ආනයනය අපේ ප්‍රතිපත්තිය නෙමෙයි හැබැයි චුට්ටක් ගේනවා

Admin

ඇමති විජේදාසට එරෙහිව ආණ්ඩුවෙන් විශ්වාසභංගයක්.. කඩිමුඩියේ අත්සන් ගනී !

colombotoday

තොණ්ඩා සහ මාලිමාව ගැටෙයි

Admin

ෆෝක්ලිෆ්ට් ට්‍රක් රථයකට සිරවී රියැදුරු ජීවිතක්ෂයට

Admin

“බුර්කාව තහනම් කරන්න තවම තීරණයක් නෑ” – විදේශ අමාත්‍යාංශයෙන් නිවේදනයක්

colombotoday