හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ වරෙන්තු ලබා සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ජපානයේදී හමුවීම සම්බන්ධයෙන් සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගෙන් කරුණු විමසීමට ආණ්ඩුව තීරණය කොට ඇත.
පෙරේදා (13දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කොට එම තීරණය ගත් බව එම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවැසීය.