Colombo Today Local News

කුරුණෑගල මුස්ලිම් පල්ලියට පහරදුන් බවට තිදෙනෙකු අත්අඩංගුවට

පසුගිය මස 19 වන දින රාත්‍රියේ කුරුණෑගල නුවර පාරේ මුස්ලිම් පල්ලියක් වෙත පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්දයෙන් සැකපිට කුරුණෑගල පදිංචි තරුණයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එයින් එක් අයෙකු පොලිස් ඇපමත මුදාහැර ඇති අතර අනෙක් සැකකරුවන් දෙදෙනා අද (14) දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින හතකට රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබෙනවා.

නමුත් එම දෙදෙනාගේ දෙමව්පියන් පවසන්නේ තම දරුවන් මෙම පහරදීම් සදහා කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. එක් සැකකරුවෙකුගේ මව පවසන්නේ තම පුතු සමග පවුලේ උදවිය එදින කතරගම වැදපුදා ගැනීමට ගොස් සිටි බවයි.

අනෙක් සැකකරුගේ මව පවසන්නේ තම පුතාට පොලිසිය විසින් දැඩි ලෙස පහර දී නහයට වතුර දමා ප්‍රකාශ සටහන් කරගන බලහත්කාරයෙන් අත්සන් ගෙන ඇති බවයි. මෙම ක්‍රියා සදහා තම පුතුද සම්බන්ධයක් නොමැති බවයි එම මව කියා සිටියේ. ඔහු මේ වනවිට බන්ධනාගාර රෝහලට යොමු කර තිබෙනවා.

Related posts

හෙලිකොප්ටරයෙන් හෙට අලුත් සන්ධානයක් එයි

Admin

අගරදගුරුගේ ඉල්ලීමට ප්‍රතිචාර ලැබේ.. ‘අනුරාගිනී‘ වාරණයට ලක්වේ !!

colombotoday

ඥානසාර හිමිගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීම ජූනි 9 ට

colombotoday

ඇඟිලි නොගහ හිටියොත් ඒ ඇති

colombotoday

වැඩබලන මුදල් අමාත්‍ය ධුරය ශෙහාන් සේමසිංහට

Admin

18 වංගුවේ 02වන වංගුව වසා දමයි – විකල්ප මාර්ග භාවිතා කරන්න

Admin