Colombo Today Local News

කුල ප්‍රශ්නය නිසා යාපනේ ලේ හිගයක්.. රණවිරුවන් 200ක් ලේ දන් දී දමිළ වැසියන්ගේ ජීවිත රැක දෙති

කුල ප්‍රශ්නයට මුල්වී යාපන අර්ධද්වීපයේ සිටින දෙමළ වැසියන් කිසිදු රෝහලකට ‍ලේ නොදීම නිසා යාපනයේ රෝහල්වල ‍ලේ බැංකුවල ඇතිවූ ‍ලේ හිඟයක් නිසා වහාම යුද හමුදාවේ සහාය දෙන්නැයි ‍පොසොන් ‍පොහෝ දින යාපනය ශික්ෂණ රෝහ‍ලේ ප්‍රධානීන් කළ ඉල්ලීමක් මත බස් රථවල නැගී ගිය සෙබළුන් දෙසීයක් ‍ලේ පරිත්‍යාග කර ඇත.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගෙන් යාපනය ශික්ෂණ රෝහල් ප්‍රධානීන් කළ ඉල්ලීමක් මත භට පිරිස් එහි යවා ඇත.

බ්‍රහස්පතින්දා දිනයේදී හමුදා සෙබළුන් ‍ලේ පයින්ට් 170ක් ලබාදී ඇති අතර සිකුරාදා (09) සවස් වන විට ‍ලේ පයින්ට් 100ක් ලබාදී ඇත.

උතුරේ ජනතාවගේ ජීවිත බේරාගැනීමේ අරමුණින් මෙම ‍ලේ පරිත්‍යාගයන් කළ බවත් මෙම වසරේ පමණක් දැනට ‍ලේ පයින්ට් දහසක් යාපනේ පිහිටි මහ රෝහල. පේදුරුතුඩුව, තෙලිප්ප‍ලේ, චාවාකච්ච්ෙරි, පලෙයි, අච්චුවේලි රෝහල් වෙත ලබාදී ඇති බවත් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

යම් හෙයකින් හමුදා භට පිරිස් ‍ලේ දීමට නොසිටියා නම් උතුරේ රෝගීන්ට ‍ලේ නොමැතිව දැඩි අර්බුදයක් ඇති වන බව උතුරේ ආරක්ෂක අංශ පෙන්වා දෙයි.

Related posts

ත්‍රිරෝද රථ හිමියන්ට අගමැතිගෙන් සුබ පණිවුඩයක්

colombotoday

කටුනායක ගුවන් තොටුපලෙන් අත්අඩංගුවට ගත් සැකකරු

Admin

පැරකුම් රජුගේ ‘කුමාර පොකුණ‘ ශෛලමය බේසම කඩා දමයි.. සංස්කෘතික-පුරාවිද්‍යා ලොක්කෝ ඇර ගනී !

colombotoday

චාමර වීරසිංහ බලන්න එන්න එපා, කරදරයි රෝහලෙන් පණිවිඩයක්

Admin

මහා සංඝරත්නය,දෙමළ සහ මුස්‌ලිම් ආගමික නායකයන් ඥානසාර හිමි නිදහස්‌ කරනවාට විරුද්ධ නෑ – දුමින්ද දිසානායක

colombotoday

නිරෝධායන නීති නොතකා අරක්කු විකුණූ කතක් දැලේ..

colombotoday