Colombo Today Local News

පොලිස්‌ රියට බෝම්බ ගසා 10ක්‌ ඝාතනය කළ කොටියාට නවාතැන් දුන් සිද්ධියේ සැකකරුට නිදහස

කොටුව ලෝටස්‌ පාරේදී යතුරුපැදියකින් පැමිණි පොලිස්‌ බස්‌ රථයක්‌ ඉලක්‌ක කොට බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කොට පොලිස්‌ නිලධාරීන් දසදෙනකු ඝාතනය කළ එල්. ටී. ටී. ඊ. සාමාජිකයකුට හා එල්.ටී.ටී.ඊ සැකකරුවන් පිරිසකට නවාතැන් ලබාදීමේ චෝදනාව යටතේ පවරා තිබූ නඩුවක විත්තිකරුවකු වන කුලතුංග හෙට්‌ටිආරච්චිගේ මැල්කම් ටිරෝන් විත්තියේ සාක්‍ෂි කැඳවීමකින් තොරවම චෝදනාවලින් නිදොස්‌ කොට නිදහස්‌ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා නියෝග කළේය.

එම නඩුවේ විත්තිකරුවකු ලෙස සිය සේවාදායකයාව නීතිපතිවරයා විසින් නම් කොට ඇත්තේ සැබෑ අපරාධකරුවන්ට නවාතැන් දුන්නේ යෑයි කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් ඔහුගෙන් ලබාගත් පාපොච්චාරණයක්‌ මත බවත් එම පාපොච්චාරණය ලබාගත් පොලිස්‌ අධිකාරිවරයා මේ වන විට ජීවතුන් අතර නොමැති බැවින් එකී චෝදනාව සාක්‍ෂි ඉදිරිපත් කිරීමේ නීතිමය හැකියාවක්‌ නොමැති බවත් පෙන්වා දෙමින් නීතිඥ සංජය එස්‌. ආරියදාස මහතා දැක්‌වූ මූලික විරෝධතාව පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා එම නියෝගය කළේය.

2008 මැයි 16 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී දැනට මියගොස්‌ සිටින සුන්දරම් සදීස්‌ නමැත්තා සමග එක්‌ව පොලිස්‌ සැරයන් කටුගම්පලගේ දොන් විමලසේන නමැති නිලධාරියා සහ තවත් පොලිස්‌ කොස්‌තාපල්වරුන් හයදෙනකුත් කාන්තා පොලිස්‌ කොස්‌තාපල්වරියන් තිදෙනකුත් ඝාතනය කිරීමට පෙළඹවීමෙන් ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ නැඟෙන දඬුවම් ලැබිය හැකි වැරදි සිදුකර ඇතැයි කේ. එච්. මැල්කම් ටිරෝන් නමැති විත්තිකරුට චෝදනා එල්ල වී තිබිණි.

එම නඩුවේ සෙසු විත්තිකරුවන් සිව්දෙනා මේ වන විට අධිකරණය මගහැර ගොස්‌ සිටින බැවින් ඔවුන් නොමැතිව නඩු විභාගය ලබන 12 වැනිදා ආරම්භ කිරීමට ද විනිසුරුවරයා එහිදී නියෝග කළේය.

-ඒ. ඡේ. ඒ. අබේනායක

Related posts

මැතිවරණයෙන් පසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් !

colombotoday

කොවිඩ් ආසාදිතයින් ගණන 1278 දක්වා ඉහලට

colombotoday

සැඩ පහරට හසුවූ ශිෂ්‍යත්ව හපනාගේ සහ පියාගේ සිරුර හමුවේ

colombotoday

ඉන්දියාවෙන් ආපු අයගේ විස්තර හා නිරෝධායන ස්ථාන අපිට ලබාදෙන්න – බ්‍රැන්ඩික්ස්ට පාර්ලිමේන්තුවෙන් අභියෝගයක්

colombotoday

“හිටපු ජනපතිට, ආරක්ෂක ලේකම්ට අතක් තියන්න දෙන්නෙ නෑ” – සජිත්

colombotoday

කැලණියෙන් ආසාදිතයින් 74ක් හඳුනා ගැනෙයි

colombotoday