Colombo Today Local News

බුදු පිළිමයක් විකෘති කර FB දැමූ කඩුගන්නාවේ මුස්ලිම් ජාතිකයා අත්අඩංගුවට !

ෆේස්බුක් සමාජ ජාලයට බුදු පිළිමයක් විකෘතිකර පළ කළ බවට සැකපිට කඩුගන්නාව දන්තුරේ ප්‍රදේශයේ මුස්ලිම් තරුණයකු අත්අඩංගුවට ගෙන මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන ජුනි 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ.

එම තරුණයාගේ නිවසට ගල් ප්‍රහාරයක් එල්ල කළ තවත් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.මෙසේ රක්ෂිත බන්ධනාගාරගතකර ඇත්තේ නොම්බර 291 මුන්වගොඩ දන්තුරේ ලිපිනයේ පදිංචිව සිටි විසිඑක් හැවිරිදි අබ්දුල් රහීම් මහමුද් සුවාහිර් නැමැති අයයි.

ඔහුගේ නිවසට ගල් ගැසූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ නාඩිතලාව දන්තුරේ පදිංචි තිස්හතර හැවිරිදි පහළ ගෙදර රණසිංහ හා උඩවෙල දන්තුරේ පදිංචි 40 හැවිරිදි ගලහිටියාවේ ගෙදර නිශාන්ත කුමාර නැමැති දෙදෙනාය.

Related posts

දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා දීර්ඝ කෙරේ

colombotoday

වවුනියාවේ අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යා ස්මාරක ඩෝසර් කරයි

colombotoday

මීගමුව බන්ධනාගාරයේ ආපනශාලාව භාර නියාමකවරයාගේ වැඩ තහනම් කරයි

colombotoday

ඊයේ කොව්ඩ් ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

colombotoday

අගමැති මහින්ද කුරුණෑගලින් මහ මැතිවරණයට !

colombotoday

ආය එන්නේ යන්න නෙවෙයි.. අරගෙනම යන්නයි.. මේක පෙරහුරුවක් – මහින්ද

colombotoday