Colombo Today Local Newsextremism & terrorism activities

දැරියන් තිදෙනෙක් කෙළෙසූ 3ක් මූතූර්වලින් අල්ලයි.. දූෂකයන් නිදහස් කරන්න දේශපාලන බලපෑම්

ත්‍රිකුණාමලය මූතූර් වනිගතිවූ පෙරියවල්ලි ප්‍රදේශයේ පාසලක ප්‍රාථමික අංශයේ කුඩා දැරියන් තිදෙනකු ඉකුත් 28 දා සවස මුස්‌ලිම් තරුණයන් තිදෙනකු විසින් අපයෝජනයට ලක්‌කළ බවට මූතූර් පොලිසියට පැමිණිල්ලක්‌ ලැබී ඇත.

මෙම සිසුවියන් අවුරුදු 7 හා 8 වයසේ පසුවන අතර පාසලේදී මෙම අපයෝජනයට ලක්‌වූ බවට දරුවන් විසින් දෙමවුපියන්ට දන්වා ඇත.
පසුව ගම්වැසියන් එකතුවී සැකකරුවන් හඳුනාගෙන ඔවුන් අසල ගසක බැඳීමට යැමේදී එක සැකකරුවකු පමණක්‌ අල්ලා ගැනීමට හැකිවී ඇති අතර සෙසු අය පැනගොස්‌ ඇත.

මෙම සිද්ධියේදී ආණ්‌ඩු පක්‍ෂයට සම්බන්ධ දේශපාලකයකු සැකකරුවන් මුදා ගැනීමට දැඩි උත්සාහයක්‌ දරා ඇති බව ප්‍රදේශයේ ජනතාව පවසති. මේ හේතුව නිසා ඊයේ (29 දා) සේරුවිල මඩකලපුව මාර්ගය අවහිර කරමින් පාසල් දරුවෝ සහ දෙමවුපියෝ උද්ඝෝෂණයක නිරත වූහ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් සිව් දෙනකු මූතූර් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් තෝපූර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පැවසේ.

සිද්ධිය සම්බන්ධව ඊයේ මූතූර් පොලිසියෙන් විමසීමේදී රාජකාරියේ යෙදී සිටි උපසේවා නිලධාරියා පවසා සිටියේ ඉහළ නියෝගයක්‌ නිසා කිසිදු තොරතුරක්‌ මාධ්‍යයට ලබාදිය නොහැකි බවයි.

පසුව පොලිස්‌ පරීක්‍ෂක රත්නායක මහතා හා මූතූර් සහකාර පොලිස්‌ අධිකාරිවරයා මැදිහත්ව මාධ්‍ය සඳහා සැබෑ තොරතුරු ලබා දුන්හ.

Related posts

යාපනය කොට්ඨාසයේ ජය සජිත්ට

colombotoday

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිසුන් දහසක් මහපාරට !

colombotoday

ශ්‍රී ලංකාවට සහය දෙන බව ඉන්දියාව නිල වශයෙන් දැනුම් දෙයි

Admin

බැදුම්කර වංචා මුදල්වලින් සිංහල ව්‍යාපාර අත්පත්කර ගැනීමේ වෑයමක් – බොදුබල සේනා හෙළිකරයි

colombotoday

එක්නැලිගොඩ නඩුවට සැකපිට තවත් රණශුර හමුදා බුද්ධි අංශ විරුවෙක් අත්අඩංගුවට

colombotoday

බිල ගෙවන බදු ගෙවන මහජනතාවට අද සිට යලිත් අදුරේ ඉන්න දැනුම් දෙයි

Admin