මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවී සුබපතා තිබේ.
රවී කරුණානායක මහතා නව අමාත්‍ය ධූරයේ අද (25) වැඩ බාරගැනීමෙන් අනුතුරව මෙසේ සුබ පතා ඇත.
සුබ පතන අවස්ථාවේ රවී කරුණානායක මහතා පවසා ඇත්තේ, මංගල සමරවීර මහතා සමග තමාගේ කිසිදු අමනාපයක් නොමැති බවයි. පසුගිය කාලයේ තමාව විවේචනය කරනු ලැබුවේ වෙනත් කණ්ඩායමක් බවද කරුණානායක මහතා එහිදී පවසා ඇත.