Colombo Today Local Newsextremism & terrorism activities

යාපනය නාවක්කුලි සිංහල ගම්මානයේ චෛත්‍ය ඉදිකිරීම තහනම් කරයි

යාපනය නවක්කුලියේ සිංහල ගම්මානයේ ඉදිකරමින් පැවති චෛත්‍ය යේ ඉදිකිරීම් කටයුතු නතර කරන ලෙස චාවාකච්චේරි ප්‍රාදේශීය සභාව ලිඛිතව දැනුම් දීමක් කර ඇත.

නාවක්කුලි ජාතික නිවාස අධිකාරයට අයත් ඉඩමෙහි සිංහල ජනතාව ජීවත් වන ප්‍රදේශයේ මෙම චෛත්‍ය ඉදිකිරිමේ කටයුතු සිදු කරමින් පවතින අතර, මුල් ගල තැබීමෙන් පසු හමුදාවේද සහය ඇතිව ඉදිකිරීම් කටයුතු සිදුවිය.

ප්‍රාදේශිය සභාවේ අවසරය ලබා නොගෙන නීතිවිරෝධීව මෙම ඉදිකිරීම් සිදුවන බව පවසමින් මෙම ඉදිකිරීම් කටයුතු වහා නතර කරන ලෙස චාවාකච්චේරි ප්‍රාදේශීය සභාව දැනුම් දී ඇත. මේ අතර, චෛත්‍ය ඉදිවන ඉඩම ජාතික නිවාස අධිකාරියට අයත් එකක් බැවින් එයට අනුමැතිය ලබා දිය නොහැකි බව තෙන්නමාරච්චි ප්‍රාදේශීය ලේකම් කාර්ලය විසින් ද දැනුම් දී ඇත.

මෙම චෛත්‍ය ඉදිකිරීමට එරෙහිව ද්‍රවිඩ සන්ධානයෙන්ද පසුගිය සමයේ දැඩි බලපෑම් එල්ල වූණු අතර, වත්මන් ජාතික සංහිදියා ඇමති ධුරය දරණ මනෝ ගනේෂන් මහතා ද කලකට පෙර ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් සමග එහි ගොස්, නාවක්කුලියෙන් පිටව යන ලෙස එහි සිංහල වැසියන්ට තර්ජණය කර තිබිණි.

Related posts

කල් තබා ගැනීම සදහා වී තොගවලට උග්‍ර විශ රසායනිකයක් මිශ්‍ර කරලා !

colombotoday

අද කොවිඩ් එන්නත් ලබා ගත හැකි ස්ථාන

colombotoday

හරක් කටා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝගයක්

Admin

රතන හිමිගේ උසිගැන්වීමෙන් ලිපි ලියු විමල්ට-වාසුට-ගම්මන්පිලට ජනපති බැනවදී ! – විකල්ප බලවේගයකට රතන හිමිගෙන් සැලසුම්.

colombotoday

දේශපාලනය හමුදා කඳවුරුවලට ගේන්න එපා – ආරක්ෂක රාජ්‍ය ඇමති ඉල්ලයි

Admin

ඇඳිරිය කඩ කළ 664ක් අත්අඩංගුවට

colombotoday