Colombo Today Local Newsextremism & terrorism activities

Video: අද සංහිඳියාව නමින් මුස්ලිම් ආක්‍රමණය ක්‍රියාත්මකයි – මල්වතු මහ නා හිමි


අද සංහිඳියාව නමින් මුස්ලිම් ආක්‍රමණය ක්‍රියාත්මක වන බව මල්වතු මහනායක අතිපුජ්‍ය තිත්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි සදහන් කර සිටිනවා.

සංහිදියාව යන වචනයට මුවාවී සිදු කරන මේ වැඩපිලිවෙල තමන් වහන්සේ කිසිවිටෙකත් අනුමත නොකරන බව ,සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල මහනාහිමියන් පවසයි.හිටපු අමාත්‍ය ඒ .එල් .එම් අතාවුල්ලා ඊයේ පස්වරුවේදී ශ්‍රි සුමංගල මහනාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී මහනාහිමියන් මේ බව සදහන් කළා.

එහිදි අදහස් දක්වමින් සුමංගල මහනාහිමියන් වැඩිදුරටත් කියා සිටියේ සංහිදියාව යැයි කියා ගෙන පිරිසක් වෙන වෙන වැඩ සිදු කරන බවත් එය එසේ සිදු විය යුත්තක් නොවන බවයි .මේ රට තුළ සිංහල ,දෙමළ ,මුස්ලිම් සෑම ජන කොට්ඨාශයක්ම එකට ජීවත් විය යුතු බවට තමන් පිළිගන්නා නමුත් උතුරු -නැගෙනහිර රක්ෂිත එළිපෙහෙලි කරමින් අළුතින් ජනාවාස ඇති කිරීමෙන් නැති ප්‍රශ්න ඇති වන බවයි උන්වහන්සේ පෙන්වා දුන්නේ.ඇතැම් දේශපාලඥයන් තමන්ගේ වාසි තකා මේ වැඩපිළිවෙල තුළ නිරත වන බවට උන්වහන්සේ චෝදනා කළා.

එහිදී අදහස් දක්වමින් ඒ .එල් .එම් අතාවුල්ලා පැවසුවේ යම් පිරිසක් සිංහල -මුස්ලිම් ගැටුමක් ඇති කිරීම සදහා කටයුතු කරමින් සිටින බවයි.බෞද්ධ ජනතාව ජීවත් නොවන තැන් වල බුදුපිළිම ඉදිකර ඇත්තේ ඒ අරමුණින් බවයි ඔහු කියා සිටියේ.

ඒ සදහා ප්‍රතිචාර දක්වමින් ශ්‍රි සුමංගල මහනාහිමියන් සදහන් කලේ අලුතින් ජනාවස ඉදිකිරීමට යෑම නිසා එයට විරුද්ධ පිරිස් මේ ආකාරයට කටයුතු කරන්නට ඇති බවයි.එම නිසා සියලු දෙනාම එකට සහයෝගයෙන් ජීවත් යුතු බවත්  කැලෑ කපමින් මේ ආකාරයට කටයුතු කළහොත් ජාතින් අතර නැති ප්‍රශ්න ඇති වනු ඇති බවයි උන්වහන්සේ අවධාරණය කලේ.

Related posts

ව්‍යවස්ථාදායක සභාවෙන් තනතුරු ගන්න නම් රෑට රෑට ගොස් කථානායක හමුවෙන්න ඕනෑ

colombotoday

රජයේ ඉදිරි ගමනට සහය වන්නැයි ජනපති වියත්ම සංවිධානයෙන් ඉල්ලයි

colombotoday

“ගෝඨාභය දැම්මොත් 2020 පරාදයි… ජනපතිවරණයට සුදුස්සා චමල් රාජපක්ෂයි” – වාසු කියයි

colombotoday

කොඳු ඇටපෙළ හොඳමට ගෙවිලා.. අළුත් සැප වාහනයක් මටත් ඕනා” – විජිතමුණි සොයිසා

colombotoday

අයවැය විසර්ජන පනත මැතිසබයට

colombotoday

අවන්හලකට ගිය කොස්තාපල්ට පිරිසක් පහරදීලා

Admin