Colombo Today Local News

ආර්ථිකය ගැන ජනපති කී ගණන් හිලව් හා මහබැංකු වාර්තා අතර පරස්පරයක්..

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සහ විදේශ මුදල් සංචිත පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කරන ලද ගණන් හිලව් සහ ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති සංඛ්‍යා වාර්තා අතර පරස්පරතා මතුව තිබේ

ජනාධිපතිවරයා පසුගිය අප්‍රේල් 20 දා මාධ්‍ය ආයතන ප්‍රධානින් හමුවූ අවස්ථාවේ දී ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය වෙමින් පවතින බවත් ඇමරිකානු ඩොලර් බිලියන 5 ක් දක්වා සටහන් ව ඇති ශ්‍රී ලංකාව සතු විදෙස් මුදල් සංචිත ප්‍රමාණය ඉදිරියේදී තවත් ඉහල නගිනු ඇති බවත්ය.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය එසේ වුවද මාර්තු 23 වෙනිදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබූ මුල්‍ය ප්‍රතිපත්ති සමාලෝචන වාර්තාවට අනුව 2017 වර්ෂයේ පෙබරවාරි මාසය වනවිට අපේක්ෂා කරනු ලැබූ දල විදේශ මුදල් සංචිත ප්‍රමාණය වුයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 5.6කි.

මෙය 2106 වසරේ සටහන්වූ ඇමරිකානු ඩොලර් බිලියන 6 ක් වූ විදෙස් මුදල් සංචිත ප්‍රමාණය හා සසඳා බැලීමේදී පහල අගයකට වැටීමකි.

එසේම 2016 දෙසැම්බර් අවසාන වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 6 ක් වූ විදේශ මුදල් සංචිත ප්‍රමාණය මාස 3.7ක් දී සටහන් වූ ආනයන වටිනාකම හා සම වන බවද ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව අදාළ මාස ප්‍රමාණයේ ආනයන අගයට සාපේක්ෂව 2017 වසරේ පෙබරවාරි මාසය වනවිට විදේශ මුදල් සංචිත ප්‍රමාණය පැහැදිලි අඩුවීමක් දක්නට ලැබේ.

මෙය ශ්‍රී ලංකා මහ බැංකුවේ නිකුත් කළ මුල්‍ය වාර්තා අනුව මනාව පැහැදිලි වේ.

පහත පලවන්නේ ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් සංස්කරණය කොට දෙන ලද වීඩියෝ පටයකි

Related posts

ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් ඉතා සමීපව නිරීක්ෂණය කරනවා – නෝර්වේ තානාපතිගෙන් පණිවිඩයක්

colombotoday

ක‍්‍රිකට් පාවාදීම ටොං පචයක්- සජිත්

colombotoday

බස්නාහිර පළාතට ඇතුල්වීම, පිටවීම තහනම්

colombotoday

අමාත්‍ය විෂය පථයන් කිහිපයක් සංශෝධනය කරමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය මෙන්න..

colombotoday

ජනාධිපති කොමිෂන් සභා නිර්දේශ ගැන හොයන්න’යි නීතිඥවරු සිව්දෙනෙකුගෙන් අගවිනිසුරුට ලිඛිතව පැමිණිල්ලක්

colombotoday

යුද්ධයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 400ක් පාඩුයි..!

colombotoday