Colombo Today Local News

කෞතුකාගාරය NGO වලට දෙන අගමැතිගේ නියෝගය විසිවෙයි.. ජනපතිගේ තීරණය ක්‍රියාත්මකයි

රාජ්‍ය නොවන සංවිධානවල සහ පෞද්ගලික ආයතනවල ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කෞතුකාගාර පරිශ්‍රය ලබාදීමට ගෙන තිබූ තීරණය අවලංගු කරන ලද බව කැබ්නට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

පෞද්ගලික ආයතනවල ප්‍රචාරක කටයුතු සඳහා කෞතුකාගාර පරිශ්‍රය ලබා දීම සඳහා ක්‍රමවේදයක් සකසන ලෙසත් එලෙස ක්‍රමවේදයක් සැකසීම පිණිස කමිටුවක් පත්කරන ලෙසත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කර ඇති නියෝගය ක්‍රියාත්මක නොවන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

කෞතුකාගාර පරිශ්‍රය පෞද්ගලික අංශයේ ක්‍රියාකාරකම් සඳහා ලබා දීමට ක්‍රමවේදයක් සැකසීම පිණිස අගමැතිවරයා විසින් සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්, අධ්‍යාපන අමත්‍යාංශයේ ලේකම්, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඇතුළු පංච පුද්ගල කමිටුවක් පිහිටුවීමට නියෝග කර තිබිණි.

මෙහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කෞතුකාගාර අධ්‍යක්ෂිකා තනුජා කස්තුරිආරච්චි මහත්මියට ලිඛිතව සිදු කළ දැනුම් දීමකින් කෞතුකාගාර පරිශ්‍රය කිසිදු පෞද්ගලික ආයතනයක ප්‍රචාරාත්මක කටයුත්තක් වෙනුවෙන් ලබා නොදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.

අමාත්‍යවරයා මේ බව පැවැසුවේ පසුගියදා පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

Related posts

දුම්වැටියක මිල රු.5කින් ඉහළට

colombotoday

වර්ණසිංහගේ ඇමතිකම රැකගන්න බිරිදව ඇමති රාජිත ලගට යවලා

colombotoday

ඉල්ලීම් නොසැළකේ.. ගෝඨාභයගේ හමුදා ආරක්ෂාවෙන් කොටසක් අදින් ඉවතට !

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හෙට රැස් වීමට සුදානම්

colombotoday

නව වසරේ ඇමති මාරුව

colombotoday

ජන ජීවිතය අඩාල කළ උද්ඝෝෂණයට වෙළඳ සංගමයේ දැඩි විරෝධය

colombotoday