Colombo Today Local News

“ගෝඨාභය රජ වුණොත් මා බිහිවීමට නියමිත දෙමළ ඊළාම් රාජ්‍යයට පැන යනවා“ – නිර්මාල් රංජිත්

ගෝඨාභය රාපක්ෂ රටේ මීළග ජනාධිපතිවරය වුවහොත් තමන් වැනි අයට, බිහිවීමට නියමිත දෙමළ ඊළාම් රාජ්‍යයට පැන යාමට සිදුවනු ඇති බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ, ඊළග ජනාධිපතිවරණයේදී සිංහල බෞද්ධ ඡන්දවලින් පමණක් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වනු දැකීම තම ප්‍රාර්ථානව බවයි. එවිට සිංහල බෞද්ධ නොවන පිරිස් සිංහල බෞද්ධ සමාජයෙන් ඈත්වීම සිදුවන් බවත්, ඒ හරහා දැනට දුර්වල වී ඇති උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් ඇති කිරීම සදහා වූ ඉල්ලීම ශක්තිමත් වන බවත් ඔහු පවසයි.

එම සටහන පහතින්

ඊලග ජනාධිපතිවරණයේ දී මගේ ප්‍රාර්ථනාව වන්නේ සිංහල-බෞද්ධ ඡන්ද වලින් පමණක් ගෝඨාභය රාජපක්ෂ ජයගත යුතු බවයි. (මා ඡන්දය දෙන්නේ ජවිපෙ අපේක්ෂකයාට වුවත් ඔහු (හෝ ඇය) සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් නොලබනු ඇත.) එවිට සිංහල-බෞද්ධ නොවන පිරිස් සිංහල-බෞද්ධ සමාජයෙන් ඈත් වීම පරිසමාප්තියට පත් වේ. එවිට උතුරු-නැගෙනහිර මුල් කරගෙන වෙනම රාජ්‍යයක් ඇති කිරීම සදහා දැනට දුර්වල වී ඇති ඉල්ලීම ශක්තිමත් වනු ඇති. මා පසුගිය සතියේ සිටියේ ජිනීවා නගරයේය. මෙහි දැක්වෙන්නේ ඒ සතියේ ජිනීවා එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිට පැවැති දෙමළ ජාතිකවාදී ප්‍රදර්ශනයක දක්නට ලැබුණු බැනරයකි. ගෝටා ජනාධිපති වූ විගස මේ ඉල්ලීමට ලැබෙන ජාත්‍යන්තර සුජාතභාවය ඉහළ යනු ඇත. එවිට අප වැනි අයට අනිවාර්යෙන්ම (ජීවත්වීමට අවශ්‍ය නම්) ඥාති හිතමිත්‍රාදීන්ද කැටුව රටින් පිට වීමට සිද්ධ වේ. අඩුම තරමින් බිහිවීමට නියමිත දෙමළ ඊළමට හෝ පලා යා යුතුය. තියුණු දේශපාලන පරිවර්තනයක දෘෂ්ටිකෝණයෙන් බැලුවහොත් සිදුවිය යුත්තේ මෙයයි. ගෝඨාට ජයගැනීමට තරම් සිංහල-බෞද්ධ ඡන්ද නොලැබුණහොත් දකුණේ දේශපාලන අර්බුදය තවත් තීව්ර වෙනු ඇත. රනිල් වික්‍රමසිංහ විසින් එවිට ගොඩනැංවීමට ඉඩ ඇති සුළුතර ආණ්ඩුවට එම අර්බුදයට මුහුණ දීමට කිසිසේත්ම නොහැකි වනු ඇත. (මගේ තක්සේරුවේ හැටියට 2015 ජනවාරි 8 සිදුවූ (අඩු තීව්රතාවක් සහිත) විප්ලවයේ ගමන මේ වන විට ගබ්සා වී ඇත. ඒ නිසා “ජනවාරි විප්ලවයේ” ඉදිරිය පිළිබදව තව දුරටත් බලාපොරොත්තු තැබීම ප්‍රෙයා්ජනයක් නැත.)

Related posts

“වල්බූරු සංහිදියාව” විශ්වවිද්‍යාලයටත් රිංගයි.. එක් අයෙකුට ආගම අදහන්න දෙසීයකට විභාගය ප්‍රමාද කරවලා !

colombotoday

මිනීමරුවන්,කප්පම්කරුවන් කියන පලියට මං අස්‌වෙන්නේ නෑ – විජයදාස

colombotoday

අගමැති ඉන්දියාවේ සිට ආ සැනින් ගෝඨාභය අත්අඩංගුවට !

colombotoday

නව ගාස්තු අය ක්‍රමයෙන් විදුලිබල මණ්ඩලයට බිලියන 108ක ආදායමක්..

Admin

හම්බන්තොට නගරාධිපති එරාජ් ඉල්ලා අස්වෙයි

colombotoday

දුර්ලභ ගණයේ පූර්ණ දේදුන්නක් කැමරාවේ සටහන් වෙයි

Admin