Colombo Today Local News

යාපනයට මන්ත්‍රී ධුරයක් වැඩිවෙයි.. බදුල්ලට අඩුවෙයි !

දිස්ත්‍රික් පදනම මත පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රී ආසන සංඛ්‍යාව ප්‍රකායට පත් කෙරෙන ගැසට් නිවේදනය නිකුත් වී තිබේ.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පැවති මන්ත්‍රී ආසන ගණන 8 සිට 7 දක්වා පහළ බසින අතර යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන ගණන 7 සිට 8 දක්වා ඉහළ ගොස් ඇත.

දාළ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් යුතුව අද (29) ප්‍රකාශයට පත්කෙරිණි.

දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ආසන සංඛ්‍යාව නිර්ණය කරනුයේ අදාළ දිස්ත්‍රික්කයේ භූමි ප්‍රමාණය හා වාර්ෂිකව ඡන්ද හිම නාම‍ලේඛනයේ ලියාපදිංචි වූ ඡන්ද සංඛ්‍යාව සංසන්දනය කිරීමෙනි.
ඒ අනුව මෙවර ඡන්ද හිමි නාම‍ලේඛන සංඛ්‍යාවට අනුව මෙලෙස බදුල්ල දිස්ත්‍රික්කයේ එක් මන්ත්‍රී ආසනයක් අඩුවී ඇති අතර යාපනය දිස්ත්‍රික්කයේ එක් මන්ත්‍රී ආසනයක් වැඩි වී තිබේ.

Related posts

මත්ද්‍රව්‍ය නිවාරණයට නව තීති…

colombotoday

එන මැතිවරණයට ඉල්ලන්නැයි ජනතාව මට කියනවා..- අනුෂා දමයන්ති

colombotoday

කුරුන්දි විහාරයට අයත් ඉඩම් වෙනත් අයට පවරාදීමට තීරණයක් ගෙන නැහැ. – ජනපති ලේකම්

Admin

නීතිවිරෝධීව ගෙන ආ කහ කිලෝ 818ක් නාවික හමුදා භාරයට

colombotoday

17 වෙනිදා ගෝඨා දිනනවා, ඊට පසුවදාම අපි ඇමතිලා වෙනවා – SB

colombotoday

නිදහස් චතුරස්‍රය ආසන්නයේ පුද්ගල මළ සිරුරක්

colombotoday