Colombo Today Local News

මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවෙන් එලියට දමයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනව පාර්ලිමේන්තු සභාවේ කටයුතුවලින් ඉවත් කිරීමට කතානායක කරූ ජයසූරිය මහතා මීට ටික වේලාවකට පෙර කටයුතු කළා.

ඒ දිනේෂ් ගුණවර්ධන විසින් දිගින් දිගටම පාර්ලිමේන්තු සභාවේ කටයුතුවලට බාධා එල්ල කිරීම හේතුවෙන්.

කෙසේ වෙතත් මන්ත්‍රිවරයා සභාවෙන් පිටවීම ප්‍රතික්ෂේප කරමින් අසුනේ රැඳී සිටීම හේතුවෙන් පොලිසියද කැඳවනු ලැබුවා..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ඇතුළු ජාතික නිදහස් පෙරමුණට පාර්ලිමේන්තුව තුළ සවාධීනව කටයුතු කළ නොහැකි බව කතානායකවරයා අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී  දැනුම් දුන්නා.

ඊට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් සභාව මැදට පැමිණ විරෝධය පළ කිරීම හේ්තුවෙන් සභාවේ කටයුතු අවස්ථා දෙකකදී කල් තැබිමට ද සිදු වුණා.

 

Related posts

නව ජනාධිපති ලේකම් ඔස්ටීන් ප්‍රනාන්දු !

colombotoday

වන රක්ෂිත තුළ ඇති සම්ප්‍රදායික වගා බිම් යළි ගොවීන්ට.

colombotoday

‘සොජිට්ස්’ බලාගාරය අක්‍රීය වෙයි. ඉන්ධන නෑ

colombotoday

මැතිසබයේ උණුසුම් තත්ත්වයක්

Admin

සමාජ, ආර්ථික, සංස්කෘතික පරාධීනත්වය යළි මෙරටට උරුම කරන ‘ඉට්කා‘ අව-මගුල

colombotoday

ජිනීවා සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීමට ගත් තීරණයට රියර් අද්මිරාල් සරත් වීරසේකරගෙන් නිවේදනයක්

colombotoday