Colombo Today Local News

වටදාගෙය අසළ පුරා විද්‍යා භූමියේ පස් අලෙවි කරති

ඵෛතිහාසික මැදිරිගිරිය වටදාගෙය සහිත පුරා විද්‍යා භූමියේ මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු අරඹා ඇති අතර එහි පස් සහ අවශේෂ කොටස් පුරා විද්‍යා සහ කොන්ත‍්‍රාත්කරුගේ අනු දැනුම මත අලෙවි කරන බව ප්‍රදේශවාසීහු පවසති. වටදාගය අලුත්වැඩියා කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතින බවත් වටදාගෙය අසන්නයේ කැනීම් සිදු කරන බැවින් එහි පස් පුරා විද්‍යා නිලධාරින්ගේ අනු දැනුම ඇතිව ට්‍රැක්ටර්වල පටවා අලෙවි කරන බවත් කියති.
මිට පෙර මෙහි රජකාරි කළ නිලධාරින් පුරා විද්‍යා භුමියේ කැනීමක් සිදු කළත්  එය පුරා විද්‍යා නිලධාරින්ගේ නිරික්ෂණය යටතේ සිදුවූ බවත් දැන් නිලධාරින් කැනීමක් සිදු කරන අවස්ථාවක දී ඒ අසලටවත් නොයන බවත් කියති.
මේ පිළිබඳ පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සෙනරත් දිසානායක මහතා කියා සිටියේ පුරා විද්‍යා භුමියක පස් අලෙවි කළ නොහැකි බවත් වහාම ඒ පිළිබද පරික්ෂණ ආරම්භ කිරිමට ආදාල නිළධාරින් මැදිරිගිරියට එවන බවත්ය.

Related posts

දකුණේ පාතාලයට ආර්පීජී අවියක් ආවේ ගෝඨාභය ඝාතනයටද? එල්ටීටීඊ ත‍්‍රස්තයෙක් ගෝඨාභයට සමීපවෙන තැතක්…

colombotoday

මැති ඇමතිවරුන්ගෙන් වතුර බිලට මිලියන 16 ක පොල්ලු තියලා

colombotoday

ජනපති රනිල් ජෝන් කෙරී හමු වෙයි

Admin

බලපිටිය මූලික රෝහලේ රසායනික ද්‍රව්‍ය ගබඩා ඒකකයේ ගින්නක්

Admin

තම දියණියන් දෙදෙනා ලිංගික අපයෝජනයට ලක් කළ පියෙකු අත්අඩංගුවට | දෙදෙනා ගැබ් ගෙන

colombotoday

පොහොට්ටුව ගැන ශ්‍රීලනිපයේ අවසන් තීන්දුව 05දා

colombotoday