Colombo Today Local News

“ත්‍රස්ත මර්ධන පනත දැනටමත් අහෝසියි“ – රජය ජිනීවා සමුළුවට දන්වයි

ත්‍රස්‌ත මර්දන පනත තවදුරටත් ක්‍රියාත්මක නොවන බව ශ්‍රී ලංකා රජය ඊයේ (3 දා) ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත දැනුම්දී ඇත.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඒ සඳහා උපදෙස්‌ දුන් බව සංහිඳියා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මනෝ තිත්තවැල්ල මහතා ජිනීවාහිදී ප්‍රකාශ කර තිබේ.

ත්‍රස්‌ත මර්දන පනත තවදුරටත් ක්‍රියාත්මක වන්නේ නැහැ යෑයි මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවක පැවති මාධ්‍ය හා ඊළාම් ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් හමුවේ ඔහු වැඩිදුරටත් කියා සිටියේය. මෑතකදී ත්‍රස්‌ත මර්දන පනත යටතේ දෙදෙනකු අත්අඩංගුවට ගත් බවත් පසුව ඔවුන්ට සාමාන්‍ය නීතිය යටතේ නඩු පැවරූ බවත් හෙතෙම කීවේය. ත්‍රස්‌ත මර්දන පනත 1978 දී සම්මත වූ අතර එය 1982 දී ස්‌ථිර පනතක්‌ ලෙස ක්‍රියාත්මක වී ඇත.

මෙම පනත යටතේ සැකකරුවකු මාස 18 ක්‌ රඳවා ගත හැකිය. නව ත්‍රස්‌ත මර්දන පනත ළඟදීම කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කෙරෙන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

ත්‍රස්‌ත මර්දන පනත යටතේ හිටපු කොටි ක්‍රියාකාරීන් 130 දෙනකු හා සිංහල සැකකරුවන් 10 දෙනකු හා බුද්ධි අංශ නිලධාරීන් 8 දෙනකු රඳවාගෙන ඇත.

Related posts

කඳානේ නිවසක් තුළ ඝාතනය කල පුද්ගලයෙකුගේ මළසිරුරක්

Admin

‘මේ රට බෞද්ධ රටක් කියා පිළිගැනීමට මා සූදානම් නෑ..‘ – ජාතික සංහිදියා ඇමති

colombotoday

මාස 4කදී මාර්ග අනතුරුවලින් 736කු මරුට

colombotoday

කොළඹ මගී ප්‍රවාහනයට විදුලි බස් රථ 18ක්

colombotoday

කඩුවෙල හිටපු නගරාධිපති බුද්ධදාස විමල්ගේ බිරිද ශෂී ඉල්ලයි (Video)

colombotoday

පොලීසිය මාර්ග බාධක ඉවත්කරගනී.. වැලිකන්දේ සිට පාගමනින් මඩකලපුවට !

colombotoday