Colombo Today Local NewsHot News

නාවික හමුදාපති පත් කිරීමට ජනපති – අගමැති කඹ ඇදිල්ලක !

නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා විශ්‍රාම යෑමට නියමිත බැවින් නව නාවික හමුදාපතිවරයා පත් කිරීම සදහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර කඹ ඇදිල්ලක් ඇතිව තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරන සිරිමෙවන් රණසිංහ මහතා, මීළග නාවික හමුදාපතිවරයා ලෙස පත්කළ යුතු යැයි යෝජනා කර ඇති අතර, එයට එකග නොවූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ නම මීළග නාවික හමුදාපති ධුරය සදහා යෝජනා කර ඇත.

ත්‍රිවිධ හමුදාපතිවරුන් පත් කිරීමේ බලය සේනාධිනායක ධුරය දරන ජනාධිපතිවරයාට හිමිවන අතර, සම්මුති ආණ්ඩුවේ එකගතාවන්ට අනුව තනි තීරණ ගැනීමේ හැකියාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නොමැති බැවින්, මීළග නාවික හමුදාපති ලෙස පත්කරන්නේ කවුදැයි යන්න තීරණය කිරීමට නොහැකිව ජනාධිපතිවරයා දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි ආරංචි මාර්ග සදහන් කරයි.

Related posts

කෝටි 700ක් වතුරේ… පිටරටින් ලෙඩ හරක් ගෙන්වා බිලියන ගණනක් ගරපු හැටි විගණකාධිපති වාර්තාවෙන් හෙළිවෙයි…

colombotoday

සතොස අලාභය පහළ යයි

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරයෙක්

colombotoday

ප්‍රධාන ජලාශ 73ක ජල මට්ටම 28%ක් දක්වා පහළ යයි

Admin

බදුගම හැර කලුතර දිස්ත්‍රික්කයේ අගුලු අරී

colombotoday

රනිල් සමග වැඩ කරන්න බැරිනම් ජනපති ඉල්ලා අස්විය යුතුයි…

colombotoday