Colombo Today Local News

කෝටි දෙදහස් පන්සීයක් රජයට පාඩු කරලා.. මුදල් ඇමති ටොප් 10 ලයිස්තුවේ ඉහළටම !

පසුගිය අයවැය ලේඛනයේ යෝජනාවකට අනුව රුපියල් මිලියන 25,000ක් ශ්‍රී ලංකා රේගුවට අහිමි කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ ‘‘ටොප් ටෙන්’’ යටතේ ආණ්ඩුව සිදුකරන දූෂණ වංචා පිළිබඳව 8 වන පැමිණිල්ල ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (15) භාරදී තිබේ.

මීට පෙර ද, ‘‘ටොප් ටෙන්’’ යටතේ මුදල් අමාත්‍යවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය අල්ලස් කොමිසමට පැමිණිල්ලක් භාරදී ඇත.

මීට අමතරව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අමාත්‍යවරුන් වන තලතා අතුකෝරාල, මලික් සමරවික්‍රම, කබීර් හෂීම් සහ පී.හැරිසන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය අල්ලස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.

Related posts

මුල්ලිවයික්කාල් සැමරුමට ගිය අයට හමුදාවෙන් සිසිල් බීම දන්සලක්….

colombotoday

තේ කර්මාන්තයට අසාධ්‍යයි.. කම්හල් රැසක් වසා දැමේ !

colombotoday

මාණික්කමඩු අදත් උණුසුම්.. කැරළි මර්ධනයත් කැදවයි.. විහාරයට දිවාරාත්‍රී පොලිස් ආරක්ෂාව

colombotoday

නොරොච්චෝලේ කොටසක් අක්‍රීයයි

colombotoday

ඉස්ලාම්කරණයට එරෙහිව කාදිනල්ගේ ඌරු න්‍යාය අති සාර්ථකයි!

colombotoday

කොමදෝරු දසනායකට ඇප නොළැබෙයි.. ලබන වසර දක්වා යළි රිමාන්ඩ් කරයි !

colombotoday