Colombo Today Local News

විදේශ සංචිත බිංදුවට වැටේ.. ආර්ථික අර්බුදය බරපතලයි – මහබැංකු වාර්තා හෙළි කරයි

ඉදිරි වසර තුනක කාලය තුළදී ශ්‍රී ලංකාව බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ පාන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා රජයේ ආර්ථික කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇත.

රටේ පවත්නා තැන්පතු සියල්ල එකතු කළත් ණය පොලී ගෙවා දැමීමට ප්‍රමාණවත් නොවන බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළ බව ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් කීය. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු ආර්ථික කමිටුවට නිමල් සිරිපාලද සිල්වා, අනුර ප්‍රියදර්ශන, සරත් අමුණුගම, රවී කරුණානායක, කබීර් හෂීම්, පාඨලී චම්පික රණවක හා මලික් සමරවික්‍රම යන ඇමැතිවරු සහභාගි වූහ.

දැනට පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සදහා වහාම විකල්ප වැඩපිළිවෙලක් අවශ්‍ය බව මහබැංකු අධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇති බව වාර්තාවේ.

රාජ්‍ය දේපළ විකිණීම මෙම අර්බුදයෙන් ගොඩඒමට ඇති විසදුම ලෙස මෙහිදී යෝජානා වී ඇතත් ඇමැතිවරු බහුතරයක් ඒ යෝජනා ප්‍රතික්ෂේප කර ඇති බව දැනගන්නට තිබේ. අඩු වශයෙන් විදේශ ණය පොලියවත් ගෙවා දැමීම වැදගත් බව මෙහිදී පෙන්වා දී ඇත.

මේ අතර ගෙවිය යුතු කෙටි කාලීන ණය වගකීම්වලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ විදේශ සංචිත මට්ටම ඉතා අවදානම් තත්ත්වයට පහත වැටී ඇති බව මහ බැංකුවේ නවතම ආර්ථික දර්ශකවලින් හෙළිව ඇත.

මේ අනුව ඉකුත් දෙසැම්බර් 30 දින වන විට පැවැති නිල සංචිත වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6.06 ක්‌ වන අතර එදිනට පැවැති කෙටි කාලීන විදේශ ණය වගකීම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 7.52 ක්‌ තරම් ඉහළ මට්‌ටමකට පත්ව ඇතැයි එම වාර්තා පෙන්වා දෙයි.

මේ අනුව අපගේ විදේශ සංචිත ප්‍රමාණය කෙටි කාලීන ණය වගකීම්වලට සාපේක්‍ෂව සෘණ තත්ත්වයට පත්ව තිබේ. ගිය වසර (2016) මුලදී කෙටි කාලීන වගකීම්වලට සාපේක්‍ෂව විදේශ සංචිත වත්කම් අතිරික්‌ත මට්‌ටමක පැවතිණි.

Related posts

ඕනෑම ස්ථානයක නීතිය හා සාමය කඩවීම් පිළිබඳ දැනුම්දීමට දුරකථන අංක

colombotoday

‘රාජපක්ෂලා, මෛත්‍රීට සහයනොදීම බරපතල අපරාධයක්’ – මහාචාර්ය නලින් ද සිල්වා

colombotoday

අලුත්ගම කන්දේ විහාරයේ පිංකැට 37 ට රජයෙන් සීල් තියලා !

colombotoday

තහනම් භාණ්ඩ සඟවා ගෙන සිටි රැඳවියෝ දෙදෙනෙක් මාට්ටු

colombotoday

පස්දෙනෙකු ඝාතනයකට හය දෙනෙකුට මරණ දඬුවම

colombotoday

පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්ම රකින්නට භික්ෂු විරෝධයක්

colombotoday