Colombo Today Local News

“එදා වෙඩි ප්‍රහාර වෙනුවට අද ජල ප්‍රහාර.. ඒකයි වෙනස, සමහරුන්ට ඉරිසියයි“ – ඇමති රංගේ

පසුගිය රජය යටතේ විරෝධතාවලට එල්ල වූ වෙඩි ප්‍රහාර වත්මන් ආණ්ඩුව යටතේ ජල ප්‍රහාර බවට පරිවර්ථනය කරන්න හැකි වී තිබෙන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

අද විරෝධතා කරන්නට නිදහස ලබා දී තිබෙනවා සේම විරෝධතා දිනෙන් දින ඉහළ යාමක්ද දක්නට ලැබෙන බවද ඔහු පවසයි. රට තුළ ඇති වී තිබෙන නිදහස කොතරම්දැයි එමගින් පැහැදිලි වන බවත්, මේ බව අවබෝධ කර ගැනීම සියළු දෙනාගේ වගකීමක් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

“රජයට විරුද්ධව විරෝධතාවල නිරත වෙන්න අද ඕනෑම කෙනකුට පුළුවන්. අපි බලපෑම් කරන්නේ නෑ. මාර්ග අවහිර වීම ඇතුළු යම් යම් කාරණා මත ජල ප්‍රහාරයක් කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වෙනවා. නමුත් රතුපස්වලට, කටුනායකට, හලාවතට එල්ල වුණා වගේ වෙඩි ප්‍රහාර එල්ල වෙන්නේ නෑ. මේ තමයි වෙනස. වෙනස සතුටුද අහන අයට අපි උත්තර දෙමු. ඔව් වෙනස සතුටුයි. ධීවරයෝ මරපු, විරෝධතාවයේ නිරත රතුපස්වලට වෙඩි තියපු, විශ්‍රාම වැටුප රැක ගන්න පාරට බැහැපු කටුනායක තරැණයින්ට වෙඩි තියපු ආණ්ඩුවක හිටපු හැම කෙනෙකුම මේ වෙනසට ඊරිසියා කරනවා“

Related posts

ඉදිරි පැය 24 තුළ තවදුරටත් තද වැසි

colombotoday

උතුරේ කොටි සැමරුමට සිවාජිලිංගම් අවසර ඉල්ලයි

colombotoday

“බැංකුවල වංචා, ගැටළු ගැන සෙවීමේදී කීර්තිනාමයට හානි නොවන සේ කළ යුතුයි“ – අගමැති

colombotoday

විදේශ වලදී උපයන මුදල් මෙරට ආයෝජනයේදී ශ්‍රී ලාංකිකයන්ට විශේෂ බදු සහන…

colombotoday

පා. මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂකයෙක් සියදිවි නසාගෙන

colombotoday

මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දුට සහ නාමල් රාජපක්ෂට එරෙහිව විදෙස් ගමන් තහනමක්

colombotoday