Colombo Today Local News

ඉන්දියාවට දුන් තෙල් ටැංකිවලට සත පහක්වත් ගෙවා නෑ..!!

ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියානු තෙල් සමාගමට පවරා ඇති ගිවිසුම වලංගු නොවන බැවින් වහාම එම තෙල් ටැංකි පවරා ගන්නා ලෙස කෝප් කමිටුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම් දී තිබේ.

මෙහි තෙල් ටැංකි 14 ක් ඉන්දියානු තෙල් සමාගමට පැවරීමට අදාළ මූලික ගිවිසුම 2003 වර්ෂයේදී අත්සන් කර ඇති අතර එම අත්සන් කළ දිනයේ සිට මාස 6 ක් ඇතුළත බදු ගිවිසුමක් අත්සන් කළ යුතුව ඇතත් මේ දක්වාම එවැනි ගිවිසුමක් අත්සන් කර නොමැති නිසා මෙය වලංගු නොවන ගිවිසුමක් බව කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේය.

ඉන්දියානු තෙල් සමාගම මෙම තෙල් ටැංකි පාවිච්චි කිරීම වෙනුවෙන් ඛනිජ තෙල් නිතිගත සංස්ථාවට මෙතෙක් කිසිදු මුදලක් ගෙවා නැති බවද මෙහිදී අනාවරණය වී ඇත. මීට අමතරව ඉතිරි තෙල් ටැංකි 85 තවමත් පාවිච්චි කළ හැකි තත්ත්වයෙන් පවතින බව විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් යවා සොයා බැලීමේදී අනාවරණය වී තිබෙන බවද කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.

වලංගු නොවන ගිවිසුමක් පදනම් කර ගනිමින් ඉන්දියානු තෙල් සමාගම වසර 13 කට අධික කාලයක් අති විශාල ලාභයක් උපයා ඇති බවද ඔහු කීය. වලංගු නොවන ගිවිසුමක තවදුරටත් රැඳී නොසිටිය යුතු බවද කෝප් කමිටුව මගින් අදාළ අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී තිබේ.

Related posts

බදු මුදල් වියදම් ගැන ජනතාවට වාර්තාවක් ලබාදෙන්නැයි මාන්නප්පෙරුමගෙන් යෝජනාවක්

Admin

අසාත් සාලි, හිස්බුල්ලා ඉල්ලා අස්වෙයි… බදියුදීන් තවමත් හොරගල් අහුලයි…

colombotoday

සරණාගතයෝ ආපසු නොගියොත් යුරෝපය මුස්ලිම් වේවි – ටිබෙට් ආධ්‍යාත්මික නායක දලෙයි-ලාමා තුමා

colombotoday

කහටගස්දිගිලිය අඩවි වන කාර්යාලයේ වන ව්‍යාප්ති නිලධාරීයෙක් අල්ලස් දැලේ

colombotoday

මම ඉන්න තෙක් පුල්මුඬේ ඛණිජවැලි සමාගම විකුණන්නේ නෑ. – ඇමති රිෂාඩ් බදියුදීන්ගෙන් පොරොන්දුවක්.

colombotoday

ව්‍යාජ දළදා මාලිගාවේ වහල ගලවයි… හිටපු පා. මන්ත්‍රී මර්වින් සිල්වා තගේකුත් දායි

Admin