ජාත්‍යන්තර විනිසුරුවන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක් උතුරේ ස්ථාපිත කරන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසයි.
ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර විනිසුරුවන් සහිත අධිකරණයක් ස්‌ථාපිත නොකළහොත් තමා එම පියවර ගන්නා බව ඔහු පවසා ඇති අතර විග්නේෂ්වරන්ගේ මෙම ප්‍රකාශය පළාත් සභා බලතල උල්ලංඝණය කිරීමකි.
එසේම ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව ජාත්‍යන්තර හයිබ්‍රිඩ් අධිකරණයක් ස්‌ථාපිත කළ යුතු බව ඔහු රටවල් රැසකදී ප්‍රකාශ කර තිබු අතර ද්‍රවිඩ සන්ධානය ද ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කළ බව දක්‌වමින් හියිබ්‍රිඩ් අධිකරණයක් ස්‌ථාපිත කරන ලෙස ඉල්ලා තිබේ.