28.8 C
Colombo
9 April 2025
Colombo Today Local News

ශ්‍රී ලංකන් විකිණීමට අර්ජුන් මහෙන්ද්‍රන් අත ගසයි (Exclusive)

ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිලට ගැනීමේ ගණුදෙනුවේ අවසන් වටයට මේ වන විට තිදෙනකු සිටී. මාලදිවයින් සුපර් ගෘෘප්, ශ්‍රී ලංකාවේ පීස් එයාර් සහ ඇමරිකානු ටෙක්සාස් පැසිෆික් ගෘෘප් – TPG (Texas Pacific Group) ඒ ලංසු ලබාදී ඇති තිදෙනායි.

මෙහිදී මාලදිවයින් සුපර් ගෘෘප් මුල් තේරීම් අවස්ථාවේදී වැඩිම සුදුසුකම් ලබා තිබුණේ 67%ක ප්‍රගතියක් පෙන්වමිනි, එහිදී පීස් එයාර් පීස් එයාර් 65% පෙන්විමින් දෙවන තැනත් 56%ක් ලබා ගනිමින් තෙවන තැනටත් පත්ව තිබුණි. නමුත් පසුව පීස් එයාර් ගුවන් සමාගම විසින් ශ්‍රී ලංකන් වෙත ලබාදුන් ලංසුවට (Swift code) ජාත්‍යන්තර සහතිකයක් ලද පසු ඔවුන් මුල් ස්ථානයට පත්විය.

පීස් එයාර් විසින් මේවන විටත් ජර්මනියේ සුප්‍රකට ගුවන් සමාගම වන ලුෆ්තන්සා ගුවන් සමාගමේ සහාය මෙම කටයුත්තේදී ලබාගැනීමට අවශ්‍ය කටයුතුද සූදානම් කර ඇත. ඒ අනුව ලුෆ්තන්සා උපදේශකත්වය ඉදිරි කටයුතු වලදී ලැබීමටද නියමිතය.

තවද පීස් එයාර් පූර්ණ විනිවිදභාවයකින් යුතුව තමන් විසින් ඉදිරිපත්කොට ඇති සියලු තොරතුරු මාධ්‍ය වෙත ඉදිරිපත් කොට ඇති අතර ඔවුන් ශ්‍රී ලංකන් භාර ගැනීමෙන් අනතුරුව ඉදිරියට සිදුකරන ක්‍රියාවලීන්ද ප්‍රකාශයට පත්කොට ඇත.

නමුත් ඇමරිකානු TPG (Texas Pacific Group) වෙත මහ බැංකු බැඳුම්කර ගණුදෙනුව හා ප්‍රධානියාගේ සහාය ලැබීමත් සමගින්, පීස් එයාර් මෙම ගණුදෙනුවට අවශ්‍ය සුදුසුකම් සැපිරුවද එය නොලැබී යන තත්වයක් උදාවී ඇති බවද සඳහන්ය.

Related posts

උසස් පෙළ ප්‍රතිඵල අද රෑ අන්තර්ජාලයට

colombotoday

මත්පැන් බලපත්‍රවලින් කොටසක් නැවත ලබා දෙයි

Admin

මහාචාර්ය නීලිකා මලවිගේට WHO තාක්ෂණික උපදේශක කණ්ඩායමේ තනතුරක්

colombotoday

රාජිතට අයවැය හොඳයි

Admin

වැල්ලවත්තේ කඩ පේළියක ගින්නක්

colombotoday

අද හුදකලා කෙරුණු ප්‍රදේශ මෙන්න

colombotoday