Colombo Today Local News

ත්‍රි’මලේ වරාය ඉන්දියාවට දීම ගැන තීරණය ළඟදීම

ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට දීම සම්බන්ධව ද ළඟදීම තීරණයක්‌ ගන්නා බව අමාත්‍ය සරත් ෆොන්සේකා හින්දු පුවත්පත අමතා ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමඟ දැන් සාකච්ඡා කරන බවද ඔහු කියා සිටියේය.

සරත් ෆොන්සේකා මේ බව පවසා ඇත්තේ ඉන්දියාවේ පැවැති රෙයිසිනා සංවාදය අමතමිනි.

චීනය සමඟ හම්බන්තොට තිබෙන අත්දැකීම් ශ්‍රී ලංකාවට, එතරම් වැඩදායක නැති නමුත් හම්බන්තොට වරායේ ඉදිකිරීම් නිසා විශාල ණය මුදලක්‌ ගෙවීමට සිදුවී ඇති බව ඔහු කීවේය.

යුද්ධය පැවැති සමයේ දකුණු ඉන්දියාවේ ඇතැම් දේශපාලන නායකයන් සහ පක්‍ෂ ද්‍රවිඩ ගරිල්ලන්ට සහය දැක්‌ වූ බව ෆොන්සේකා මහතා පවසා ඇත.

චීන සබ්මැරීන් යාත්‍රා ශ්‍රී ලංකාවට පැමිණීම ගැන ඉන්දියාව දරන ස්‌ථාවරය සම්බන්ධයෙන් රජය කටයුතු කරන බවද ඔහු කීවේය.

මෙයට වසර ගණනකට පෙර හිටපු ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතා ත්‍රිකුණාමල වරාය ඇමරිකාවට ලබාදීමට උත්සාහ කළ අවස්‌ථාවේ එවකට සිටි ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි ඊට එරෙහි වී ඇත.

Related posts

ජනපති කොමිසම හමුවේ සාක්ෂි දුන් වෛද්‍යවරියකට තර්ජන

colombotoday

නීතිපතිගේ ප්‍රකාශය මහජන ආරක්ෂක ඇමැතිගේ අවධානයට | අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසයි.

colombotoday

ජනපති සහ කුවේට් අගමැති අතර හමුවක්

colombotoday

ක්‍රීඩා පිටියේ, මුස්ලිම් ජාතිකත්වය පෙන්වන්න ගිය තහීර්ට ICCය තරවටු කරයි !

colombotoday

අද සිට ක්‍රියාත්මක වන Online පනත

Admin

කර්මාන්ත ශාලා සහ ආදාහනාගාරවලට ගෑස් නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අනුමැතිය

colombotoday