Colombo Today Local News

GSP+ ගන්න රටට අනතුරුදායක කොන්දේසි 58කට රජය එකග වෙයි !

යුරෝපා සංගමයේ ජී. එස්‌. පී. ප්ලස්‌ (GSP+) බදු සහනය යළි ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා රටට ඉතා අනතුරුදායක කොන්දේසි 58 කට රජය එකඟවී ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ කොන්දේසිවලට එකඟ වී ඒ පිළිබඳ ප්‍රගතිය යුරෝපා කොමිසමට දැක්‌වීමට ද රජය ක්‍රියාකර ඇති බවද වාර්තා වේ.

ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත ඉවත්කර ඒ වෙනුවට ගෙනෙන නව නීතිය සමාලෝචනය කර එය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සම්පාදනය කිරීම, අත්අඩංගුවේ සිටින රැඳවියන් සම්බන්ධ නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම, සියලු එල්. ටී. ටී. ඊ. හිටපු සටන්කරුවන් පුනරුත්ථාපනය කිරීම අවසන් කිරීම, රැඳවියන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අපරාධ නීතියට සංශෝධන ගෙනඒම, මහජන ආරක්‌ෂණ ආඥා පනත සමාලෝචනය කිරීම, අතුරුදන් වූවන් සම්බන්ධයෙන් වෙනම කාර්යාලයක්‌ ස්‌ථාපිත කිරීම, නව මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්‌මක්‌ (2017- 2021) හඳුන්වාදීම, ත්‍රස්‌තවාදී සංවිධාන ලෙස ලැයිස්‌තුගත කර ඇති දෙමළ සංවිධාන හා පුද්ගලයන් සම්බන්ධ තත්ත්වය සමාලෝචනයට ලක්‌ කිරීම (මින් පුද්ගලයන් 86 දෙනෙක්‌ සහ සංවිධාන 08 ක්‌ කරන ලද පරීක්‍ෂණ අනුව එම ලැයිස්‌තුවෙන් ඉවත් කිරීමට අපේක්‌ෂා කරන බව රජය දන්වා ඇත.)

පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස්‌ කොමිසම හමුවේ ඇති දූෂණ චෝදනා නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම, දූෂණවලට එරෙහිව අල්ලස්‌ කොමිසම මගින් නව ක්‍රියාකාරී සැලැස්‌මක්‌ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම. නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ පළාත්වලට බලය බෙදාහැරීම යන කරුණු සලකා බැලීම, නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ මැතිවරණ ප්‍රතිසංස්‌කරණ හඳුන්වාදීම, ඉඩම් ආඥාපනතට සංශෝධන සිදුකිරීම, දෙමළ භාෂාව කතා කරන කාන්තා පොලිස්‌ නිලධාරිනියන් ප්‍රමාණය ඉහළ නැංවීම, පාර්ලිමේන්තුවේ අවම වශයෙන් සියයට 25 කාන්තා නියෝජනයක්‌ ඇතිකිරීම සහ මුස්‌ලිම් නීතිය යටතේ විවාහ විය හැකි අවම වයස නීතියෙන් නියම කිරීම (මේ සඳහා කැබිනට්‌ අනුකාරක සභාවක්‌ පත්කිරීමට නියමිතය.) ඇතුළු ඉතා බරපතල කොන්දේසි රැසක්‌ මෙම බදු සහනය ලබා ගැනීම සඳහා රජය විසින් යුරෝපා කොමිසම වෙත එකඟවී එම කොන්දේසි ඉටු කිරීමේ ප්‍රගතියද එම කොමිසම වෙත වාර්තා කර තිබෙන බවද රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් තවදුරටත් වාර්තා වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
දිවයින ඉරිදා සංග්‍රහය

Related posts

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

colombotoday

කතානායකට කුණු කූඩෙකින් ගහලා..

colombotoday

ගුරුවරු කියන්නේ අදටත් පාරෙ දැක්කත් දෙපා නැමද නමස්කාරය කරන පිරිසක් – ඇමති සරත් වීරසේකර

colombotoday

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ දුර්වල කරන්න ඇතැම් පිරිස් කටයුතු කරනවා-කාදිනල් තුමා

colombotoday

ඇමෙරිකාවෙන් ‌රු. කෝටි 8000ක පරිත්‍යාගයක්

colombotoday

නීතිඥ සංගම් නිලවරණයෙන් සාලිය පීරිස් ඉදිරියෙන්

colombotoday