Colombo Today Local News

TNA රවිරාජ් නඩු තීන්දුවට අභියෝග කරයි.. අධිකරණය විශ්වාස නැතිලු !

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් නිකුත් වූ නඩු තීන්දුව පිළිබඳව තම පක්‍ෂය සෑහීමකට පත්නොවන බවත් ඊට එරෙහිව අභියාචනයක් ගොනු කරන බවත් දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (24) යාපනය දෙමළ ජාතික සන්ධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුමන්තිරන් මහතා…

“මෙම නඩු තීන්දුව රටේ අධිකරණය පිළිබඳව විශ්වාසයක් නොමැති බව පෙන්නුම් කරන්නක්. යුද අපරාධ සම්බන්ධයෙන් අභ්‍යන්තර විනිසුරුවරුන්ගෙන් පරිබාහිරව ජාත්‍යන්තර අධිකරණයක සහාය ඉල්ලා සිටින්නේ මෙවැනි තත්ත්වයක් මතයි. මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් මම වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වශයෙන් ඇපෑලක් ඉදිරිපත් කරනවා” යැයි පැවසීය.

Related posts

වෛද්‍ය ෂාෆි සම්පූර්ණයෙන් නිර්දෝෂයි… ඔහුව අත්අඩංගුවට ගත් DIG ගැන පරීක්ෂණයක් – ආණ්ඩුකාර සාලි

colombotoday

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 08 වැනි දිනය අද

Admin

ප්‍රබල ඇමති හිතවතුන් 6කට වී මෝල් හදන්න චීනයෙන් බිලියන 10ක් ණයට ගනී…

colombotoday

වැලි ව්‍යාපාරිකයකු අභිරහස් ලෙස මියගිය

colombotoday

දේශපාලන වාසි ලබා ගැනීමේ පහත් වැඩපිළිවෙලක නිරත වන විපක්ෂය රටවිරුවන් නොසලකා හරින බව කියයි- නිමල් ලාන්සා

colombotoday

අරාබි රට වලට කසළ තේ යැවීමේ ජාවාරම පිටුපස නැව් සමාගමක ලොක්කෙක්

colombotoday