සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත තුළින් සුපිරි බලයක් කිසිවෙකුටත් ලබා නොදීම අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
මෙම පනත් කෙටුම්පත ගෙන එන්නේ ආයෝජන, ප්‍රවර්ධනයට අවශ්‍ය සහයෝගය ලබා ගැනීමට බවයි ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී අවධාරණය කෙරුණෙ.
මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මතුව ඇති සියලු ගැටළු විසදා ගැනීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේදී එකග වී තිබෙනවා.
එක් පුද්ගලයෙක් වඩා විශාල වශයෙන් ලය ගොනු කර සුපිරි ඇමතිවරයෙකු පත්වන ආකාරයේ නීතිමය ප්‍රතිපාදනවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් සිය විරෝධය පලකර ඇති බවද සදහන්.
එමෙන්ම අදාල කෙටුම්පතට පක්ෂ රැසක් සහ නීති විශාරදයන්ද මේ වන විට විරෝධය දක්වා තිබෙනවා.