ජනාධිපතිවරයා මරණයට පත්වන බවට සමාජ ජාල හරහා දිගින් දිගටම අනාවැකි පල කරන විජිත් රෝහණ විජේමුණි සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන්නැයි ජනමාධ්‍ය ලේකම් නිමල් බෝපගේ මහතා පොලිස්පතිවරයාගෙන් අද ඉල්ලීමක් කළා.
ඒ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ෆේස් බුක් හරහා පල කරන මෙම අනාවැකි ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ලෙස සැක මතුවන බවයි ජනමාධ්‍ය ලේකම්වරයා සදහන් කළේ.
දේශපාලනික වශයෙන් මෙහි සැගවුණු කරුණක් පවතින බවද නිමල් බෝපගේ මහතා සදහන් කරයි