Colombo Today Local News

යහපාලන රජය ජාත්‍යන්තරයට පොරොන්දු වූ ගිවිසුම් 3ක් ගැන විග්නේෂ්වරන් හෙළිකරයි

යහපාලන රජය බලයට පත් වීමෙන් පසු , සිදු කරන දෑ සම්බන්ධයෙන් ජාත්‍යන්තරය හා ගිවිසුම් තුනකට අත්සන් තැබූ බව, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි. වි විග්නේෂ්වරන් අනාවරණය කරයි.

මහ ඇමතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (19) යාපනය පුස්තකාලයේදී පැවති දෙමළ ජනතා සභාවේ රැස්වීමෙන් පසුව පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

දෙමළ ජනතාවට ලබාදෙන දේ පිළිබද යහපාලන රජය ජාත්‍යන්තරයට පොරොන්දුවක් ලබා දී ඇති බවත් ඒවා නිසැක වශයෙන්ම ඉටු කිරීම වැදගත් බවත් ආණ්ඩුව බලයට ඒමට ප්‍රථමයෙන් ඉටු කිරීමට යෝජනාවූ පොරොන්දු ඉටු නොකිරීම නිසා ගැටළු ගණනාවක් ඇතිවී ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේය.

 

මේ අතර මෛත්‍රී – රනිල් යහපාලන ආණ්ඩුව උතුරු නැගෙනහිර ෆෙඩරල් ක්‍රමයේ දේශපාලන විසදුමක් ලබා දීම, උතුරු පළාත නිර්හමුදාකරණය කිරීම ඇතුළු තවත් කාරුණ රැසක් ඉටු කිරීම වෙනුවෙන් ලබා දුන් පොරොන්දු වහාම ඉටුකළ යුතු යැයි උතුරු පළාත් මහඇමතිවරයා පසුගිය දිනවලදීද ප්‍රකාශ කර තිබිණි. දෙමළ ඩයස්පොරා ප්‍රධානී රුද්‍රකුමාරන් ද පසුගියදා කොටි මහවිරු දින ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කර තිබුණේ නව රජය සමග එක්වී ෆෙඩරල් පාලන ක්‍රමයක් ඇතිකරන බවට දෙමළ සන්ධානය උතුරේ ජනතාවට පොරොන්දු ලබා දෙමින් ඡන්දය ලබාගත් බවයි.

ආණ්ඩුව පොරොන්දුවී ඇති ආකාරයට බලය බෙදීමක් රට තුළ සිදු වුවහොත්, පළාත් බද පොලිසි 09 ක් සෑදී සියළු බලතල පළාතේ මහ ඇමතිවරයා සතු වන බවත් මධ්‍යම රජයේ බලය මේ හරහා හීන වීම නිසා, ඒකිය රට සංකල්පය නැතිවී යළි බෙදුණු රටක් ඇති වන බව, දේශපාලන විචාරකයන් අනතුරු අගවති.

නව ව්‍යවස්ථාව යහපාලන රජය ජාත්‍යන්තරයට සහ දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය ලෙස සකස් කිරීමට පොරොන්දුවී ඇති බවටද ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා. ඉඩම්, පොලිස් බලතල පළාත් සභා සදහා ලබා දීම, උතුරින් හමුදාව ඉවත් කිරීම, උතුරු -නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට රජය ජාත්‍යනතරයට පොරොන්දු ලබා දී ඇති බවටයි ඒකාබද්ධ විපක්ෂය පසුගිය කාලය පූරාවටම දිගින් දිගටම අනාවරණය කලේ.

නව ව්‍යවස්ථාව මගින් ආණ්ඩුව ඉටු කිරීමට යන්නේ, බෙදුවාදීන්ට සහ දෙමළ ජාතික සන්ධානයට සහ ඇතැම් බටහිර රටවල උවමනා බවයි දේශපාලන විචාරකයන් සහ නීති විශාරදයන් පෙන්වා දෙන්නේ. නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට වැඩිපුරම ක්‍රියාකාරී වී සිටින්නේ TNA ප්‍රමුඛ පිරිස වන අතර නිසැක වශයෙන් ඒ ව්‍යවස්ථාව ඒ අයගේ අරමුණු ඉටු කරන ව්‍යවස්ථාවක් බවට දේශපාලන වේදිකාවේ මත පල වේ .

Related posts

එක්සත් ජාතීන්ගෙන් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 8360ක්

Admin

LTTE අංක තහඩුවක්.. T56 ගිනි අවියක්, පතොරම් තොගයක් පූනානි කැලැවෙන් මතුවෙයි

colombotoday

නීති විරෝධීව ආ ඔක්සිමීටර් 4200ක් කටුනායකදී අල්ලයි

colombotoday

ආප්ප කාල පැනල ගිහින් රට කෑවා… මහ මැතිවරණයට සිරිසේන එපා…

colombotoday

යහපාලන නියමුවන්ට ලඟ ලඟ මරු එන්නේ ඇයි? හේතුව ජෝතිෂ්‍ය ඇසින් විජිත රෝහණ කියයි

colombotoday

ප්‍රධාන අමාත්‍යාංශයක සහකාර අධ්‍යක්ෂවරයකු අනියම් බිරිඳව රත්වුණු ඉස්තිරික්කයෙන් මැදලා

Admin