Colombo Today Local News

කොටි මහවිරු සමරුවට අවසර දීම ගැන යහපාලන රජයට උතුරෙන් පැසසුම් !

ltte23265

කොටි මහවිරු දිනය අනුස්මරණය කිරීමට අවසර ලබා දීම සම්බන්ධයෙන් වත්මන් රජයට ප්‍රසංශා කළ යුතු බව යාපනය විශ්ව විද්‍යාලයේ විශේෂඥ මානසි වෛද්‍ය, මහාචාර්ය දයා සෝමසුන්දරම් පවසයි.

ඇති වූ නව වෙනස සම්බන්ධයෙන් මහාචාර්යවරයා වැඩි දුරටත් මෙසේ ප්‍රකාශ කර ඇත.  “විමුක්ති කොටි සංවිධානයේ සාමාජිකයින් ලෙස සිට මියගිය පුද්ගලයින්, ඔවුන්ගේ පවුල්වල ඥාතීන් මහවිරුදිනයේදී පොදු ස්ථාන වලට රැස්වී අනුස්මරණය කිරීමට පසුගිය වසර 08ක කාලයක් රජය විසින් තහනම් කර තිබුණි.

මියගිය විමුක්ති කොටි සාමාජිකයින් මිහිදන් කිරීමට උතුරු නැගෙනහිර පළාත් වල විශේෂිතව ඉදිකර තිබු මහවිරු සුසුන භූමි හමුදාව විසින් විනාශ කර, ඇතැම් සුසාන භූමිවල හමුදා කඳවුරු ඉදිකර ඇත. රජය විසින් ත්‍රස්තවාදීන් ලෙස හැඳින්වු විමුක්ති කොටි සංවිධානයේ සාමාජිකයින්ව අනුස්මරණය කිරීම යනු, විමුක්ති කොටි සංවිධානය නැවත ප්‍රතිසංධානය කිරීමක් බව රජය චෝදනා කර තිබුණි.

එබැවින්, වීර මරණයට පත්වූ මහවිරුවන්ව පොදු ස්ථාන වලදී, මහවිරු සුසානභූමි වල සහ අනෙකුත් ස්ථාන වලදි අනුස්මරණය කිරීම රජය විසින් තහනම් කර තිබුණි. එම තහනම උල්ලංඝනය කරන පුද්ගලයින්ව අත් අඩංගුව‍ට ගෙන, ඔවුන්ව ප්‍රශ්ණ කිරීම් වලට ලක් කර ඇති සිදුවීම්ද සිදුවී ඇත.

ශ්‍රී ලංකාවේ ආණ්ඩු පෙරළියක් සිදුවී යහපාලන රජය පිහිටුවීමෙන් පසු, ප්‍රථම වතාවට උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි මෙවර මහවිරු දිනය, මහවිරු සුසාන භූමිවල සහ පොදු ස්ථානවලට ජනතාව විශාල වශයෙන් රැස්වී පහන් දල්වා මහවිරුවන්ව අනුස්මරණය කර ඇත.

මෙය ප්‍රසංශා කල යුතු වෙනසකි. රටේ ජනවාර්ග අතර සංහිදියාව සහ සමඟිය ස්ථාපිත කිරීමට ක්‍රියාත්මක කර ඇති අන්තර්වාර යුක්තිය සඳහා වන කටයුතු ඉදිරියටත් සිදුකිරීමටත්, මෙම අනුස්මරණය සඳහා වන අවසරය දේශපාලනික වශයෙන් ප්‍රයෝජනවත් වනු ඇත”

මූලාශ්‍රය – තමිල්වින් වෙබ් අඩවිය.

Related posts

මුතුරාජවෙල පරිසර හානියට එරෙහිව පියවර නොගත් නිලධාරියාට දඬුවම් මාරුවක්

colombotoday

මහාචාර්ය ටෙරන්ස් පුරසිංහයන් අභාවප්‍රාප්ත වෙයි

colombotoday

මහඇමති නාටකයෙන් හෙළි වූ යහපාලන නිරුවත !

colombotoday

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයට අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ

Admin

ලබන 25 සිට පළාත් තුළ දුම්රිය ධාවනය ඇරඹෙයි

colombotoday

එකම දෙවියන් අදහන කතෝලික හා මුස්ලිම් අතර ගැටුමක් නිර්මාණය කිරීමට උත්සහ ගන්නා බවට වෛරී ප්‍රකාශයක්

colombotoday