Colombo Today Local News

කොටි ‘මහවිරු‘ සැමරුම දා උතුරේ ශෝක දිනයක් ! වව්නියා කදවුරේ සංගීතයත් නවතී..

vaun232මිය ගිය කොටි සාමාජිකයන් සමරණ ‘කොටි මහවිරු‘ සමරුව පැවැත්වෙන අද දින උතුරු පළාත තුල නිළ නොලත් ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව වව්නියාව සිවිල් ආරක්ෂක බළකා කදවුරේ අද පැවැත්වීමට නියමිතව තිබූ සංගීත සංදර්ශණයක ඉහළ නියෝගයකින් අත්හිටුවා ඇති බවයි ආරංචිමාර්ග සදහන් කරන්නේ.

ඊයේ සහ අද දිනය පුරා උතුරේ බොහෝ ප්‍රදේශයන්හි සැමරුම් පැවැත්වීමට යොදාගෙන ඇති අතර ද්‍රවිඩ සන්ධානයේ මෙහෙයවීමෙන් යාපනය නල්ලූර්හිදී අද පෙරවරුවේ මිය ගිය කොටි සාමාජිකයන් සැමරීමක් පැවැත්වීමට සූදානම්කර ඇත.

මේ අතර උතුරේ සිදුවන සැමරුම්වලට බාධාවක් නොකරන ලෙස උතුරේ යොදවා සිටින සියළු ආරක්ෂක අංශ වෙත නියෝග කර ඇති බවද වාර්තා වේ.

Related posts

හිටපු ඇමති විජේදාසත් ජනාධිපති ලේකම් කාර්යාලයට.. දිවුරුම් දෙන්න සූදානම්

colombotoday

සයිටම් විරෝධයෙන් ගිනිගත් රාත්‍රිය !

colombotoday

මවක් 14 හැවිරිදි දිය­ණි­යට වඳ සැත්ක­මක් කර තරු­ණ­යකු සමඟ නිවෙසේ ජීවත් වෙන්න ඉඩදීලා

colombotoday

පාසල් ආපන ශාලාවේ සේවය කල කාන්තාවකට අතවර කල විදුහල්පති

Admin

යහපාලන ආණ්ඩුවේ ලොකුම අඩුපාඩුව ජනපති හොයාගනී

colombotoday

මී උණ ව්‍යාප්තිය වැඩි වෙයි

Admin