Colombo Today Local News

19 තීරණාත්මකයි.. මහනුවරදී හෙට වෙන්න යන දේ මෙන්න !

ctt122326පසුගිය සමයේ ජාතික සහ ශාසනික වශයෙන් ඇතිවූ ගැටළුවලදී තනි තනිව කටයුතු කළ ජාතික සංවිධාන සහ ප්‍රාදේශීය භික්ෂු සංවිධාන කිහිපයක් එක්ව “ශාසනාරක්ෂක සභාව“ නම් සංවිධාන එකමුතුවක් පිහිටුවාගෙන තිබෙනවා.

බොදු බල සේනා, සිංහල රාවය, රාවණා බලය, සිංහලේ ඇතුළු ජාතික සංවිධාන කිහිපයක නියෝජිතයන් එක්ව සාකච්ඡා කිරීමෙන් අනතුරුව පිහිටුවාගෙන තිබෙන මෙම සංවිධාන එකමුතුව රටත්, ජාතියත්, ශාසනයත් සම්බන්ධයෙන් පොදුවේ මතුවන අභියෝග වලදී සාමුහික තීරණ ගැනීම සහ ක්‍රියාත්මක වීම සදහා ගොඩනගාගත් බවයි එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ.

හෙට (19) අදාළ සංවිධාන එකමුතුවේ සියළු සාමාජිකයන් මහනුවර ශ්‍රී දළදා මාළිගාව අසලට රැස්වන බවත්, එහිදී අධිෂ්ඨාන පූජාවක් පවත්වා විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතව ඇති අතර ඉන්පසුව හෙට දිනයේ ගන්නා ක්‍රියාමාර්ගය පිළිබදව එතෙක් මාධ්‍යට හෙළි නොකරන බවද එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය.

ශාසනික හා ජාතික වශයෙන් අතිශය තීරණාත්මක වන කටයුත්තක් හෙටින් ඇරඹෙන බවත්, රටට දැයට හිතවත් සැමට පාට පක්ෂ භේදයකින් තොරව එක්වන ලෙසත් “ශාසනාරක්ෂක සභාව“ ජාතික සංවිධාන එකමුතුව ඉල්ලීමක් කරයි.

Related posts

කථානායක කරූ තමන්ගේ බෑනාව රජකරවන්න හැමෝම කඩේ යවනවා – ජයරත්න හේරත්

colombotoday

පරාජිත මන්ත‍්‍රීන්ගේ ආරක්‍ෂකයන් ඉවතට.. හිටපු අගමැතිගේ ආරක්‍ෂකයන් ගැන තවම තීරණයක් නෑ..

colombotoday

අනතුරක් කර පලා ආ පුතු ත්‍රිවිලය මහවැලියට පෙරලලා

Admin

හෙල්මට් නැතුව ගිය මන්ත්‍රීට දඩ ගැහු පොලිස් නිලධාරීන්ට ගල් ගහලා

colombotoday

ජූලි 3වැනිදා දෙහිවල සත්වෝද්‍යානය ළමුන්ට නොමිලේ

Admin

පාසල්වලට දරුවන් එවීම ගැන විශේෂ දැනුම්දීමක්

colombotoday