Colombo Today Local News

“ආවා“ කල්ලියට අරමුදල්, අත හිත නෝර්වෙන්

2352331උතුරේ “ආවා” නමැති මැර කල්ලියට අරමුදල් සපයන්නේ නෝර්වේ රාජ්‍යයේ ඊළාම් ද්‍රවිඩයන් සඳහා වූ වාණිජ කවුන්සිලය (NCCT) යන ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව බව නෝර්වේ ප්‍රතිවිරුද්ධ ද්‍රවිඩ ආරංචි මාර්ග හෙළි කරයි.

මෙම සංවිධාන දෙකම මෙහෙවන්නේ නෝර්වේ කොටි නායකයා වූ තෙදියවන් බව අනාවරණය වී ඇත. “ආවා” කල්ලියට අරමුදල් සපයන්නේ නෝර්වේ ක්‍රියාකාරීන් බවත් හෙළිවී ඇත.

සංස්‌කෘතික සංවිධාන ලෙසින් පවත්වාගෙන යන මෙම ඊළාම් සංවිධානවලට නෝර්වේ රාජ්‍යය අරමුදල් සපයන බව එම ආරංචි මාර්ග (16 දා) පැවසීය. නෝර්වේහි ඊළාම් ඩයස්‌පෝරාවේ පිරිස්‌ සංචාරකයන් ලෙසින් පසුගිය කාලයේ යාපනයට පැමිණ ඇති බවද වැඩිදුරටත් අනාවරණය වී ඇත.

ත්‍රස්‌ත මර්දන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති “ආවා” සාමාජිකයන්ගෙන් ඇතැමුන් උතුරේ පුංචි යාපනය නමැති ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද හෙළි වී තිබේ.

Related posts

අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදෙන්නත් පුළුවන්… ආණ්ඩුව තීරණය කරන බලවේගය අපියි – ආණ්ඩුවේ රෙදි ගලවා දමමින් සුමන්තිරන් කියයි.

colombotoday

තරුණයෙකුගේ මළසිරුරක් බෝක්කුවක් අසලන් හමු වෙයි

Admin

පළාත් සභා ඡන්දෙත් දිනන්න ඕනෑ

Admin

“පොරොන්දු වූ පරිදිම උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත්කරගන්නවා” රජයෙන් ඇමරිකාවට සහතිකයක්

colombotoday

ඖෂධ මිලදී ගැනීමේදී සිදුවන දූෂණය ගැටලුවක්

colombotoday

“අවුරෝරා” ආලෝක දහරා ඇතිවිය හැකි සූර්ය කුණාටුවක් අද

Admin