Colombo Today Local News

මියගිය කොටින් සමරන්න ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී පාර්ලිමේන්තුවේදී අනුමැතිය ඉල්ලයි

ltte-mhvr

කොටි සංවිධානය වෙනුවෙන් සටන් වැද මිය ගිය ත්‍රස්ත සාමාජිකයන් සැමරෙන “මහවිරු“ මාසයේ බාධාවකින් තොරව සැමරීම් කටයුතු කිරීමට දෙමළ ජනතාවට ඉඩ ලබාදෙන ලෙස ද්‍රවිඩ සන්ධානය පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කර තිබෙනවා. පසුගිය 14 වනදා පාර්ලිමේන්තුව අමතමින් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් විසිනුයි මෙම ඉල්ලීම කර තිබෙන්නේ.

“යුද්ධය හේතුවෙන් මියගිය සටන්කාමීන්ට සහ මහජනතාවට මෙම සභාවේදී ගෞරවය දක්වන්නෙමු. යුද්ධය හේතුවෙන් මියගිය පුද්ගලයින්ට ගෞරවය දැක්වීම පසුගිය රජය කාලයේදී තහනම් කර තිබුණි. නමුත්, යහපාලන රජයේ පාර්ලිමේන්තුව එයට අවසර ලබාදිය යුතුය. යුද්ධය හේතුවෙන් මියගිය පුද්ගලයින්ට ජාත්‍යන්තර නීති රීති සහ න්‍යායන්ට අනුව වන්දි ලබාදෙන මෙන් ඉල්ලා සිටින්නෙමු” යනුවෙන් ශිවශක්ති ආනන්දන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ  කර ඇත.

 

Related posts

ආණ්ඩුවෙන් පඩි ගත්ත දඹර අමිල හිමියන්ට තවත් චෝදනාවක්…

colombotoday

ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ සමහර තොරතුරු හංගලා | අනුරකුමාර දිසානායක

colombotoday

ත්‍රිකුණාමලයේ සියලු පාසල් යළි දැනුම් දෙන තුරු වසාදමයි

colombotoday

මැදවච්චියෙන් වසර 1700ක් පැරණි සෙල් ලිපියක් හමුවෙයි!

colombotoday

ගුවන් යානය රඳවා තබා ගැනීම ගැන ශ්‍රී ලංකාවට රුසියාවේ අප්‍රසාදය

colombotoday

සිංහල කාන්තාවන් වඳ කිරීමේ කුමන්ත්‍රණය ඥානසාර හිමි හෙළි කරති.

colombotoday